brand logo

Fintrex Finance කිරිබත්ගොඩ ශාඛාව නව නිවහනකට

22 May 2021

මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයන් අතර කැපී පෙනෙන ආයතනයක් වන Fintrex Finance Ltd සිය පාරිභෝගික භවතුන්හට වඩාත් තෘප්තිමත් සේවාවක් සැපයීම සඳහා එහි කිරිබත්ගොඩ ශාඛාවේ නව නිවහන කිරිබත්ගොඩ නගරයේ නුවර පාරේ අංක 67/3/B ස්ථානයේ දී සුබ මොහොතින් විවෘත කිරීමේ උත්සවය පසුගිය මැයි 06 වැනිදා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ජයතිලක බණ්ඩාර සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සජීව සපුකොටන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රටපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේදී පවා සිය පාරිභෝගිකයන්ට තෘප්තිමත් සේවාවක් ලබා දීමට කැපවුණු ආයතනයක් වන Fintrex Finance Ltd පසුගිය මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන වර්දනයක් ලබා ගැනීමට සමත් වූයේ පාරිභෝගික භවතුන් එම ආයතනය කෙරෙහි තබන ලද විශ්වාසය වැඩිදියුණු වීමත් එහි කාර්ය මඩුල්ල පාරිභෝගික භවතුන්ගේ අවශ්‍යතාවට සරිලන අයුරින් සේවා සපයමින් මානවවාදී හැඟීමකින් යුතුව සිය මෙහෙයුම් කිරීම නිසාය.
 

More News..