brand logo

අපරාධකාරයෝ අල්ලන්න FBI ඇප් එකක්

09 June 2021

අවුරුදු 3ක් තිස්සේ රැක්ක රහස ඔස්ට්‍රේලියාව එලියට දායි

අවුරුදු 3 ට ගෝලීය අපරාධකාරයෝ 200කට වඩා අල්ලලා

එෆ්.බී.අයි. ආයතනය නිර්මාණය කළ යෙදුමක් භාවිත කරමින් සිදුකළ වසර තුනක මෙහෙයුමකදී ගෝලීය අපරාධ සම්බන්ධයෙන් ලොව පුරා අපරාධකරුවන් දෙසීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. [caption id="attachment_150198" align="alignnone" width="550"] ඇනොම් යෙදවුම[/caption] 2018 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ එෆ්.බී.අයි. සංවිධානය විසින් සංවිධානාත්මක අපරාධ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා ANOM නම් සංකේතාත්මක යෙදුමක් භාවිත කර ඇත.

එය ආසියාතික රටවල් කිහිපයක, උතුරු සහ දකුණු ඇමරිකාව, යුරෝපය සහ මැදපෙරදිග රටවල් 18ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට උපකාරී වී තිබේ.

[caption id="attachment_150199" align="alignnone" width="573"] ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මුල්වරට රහස හෙළි කරයි[/caption]
පසුගිය අඟහරුවාදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා පවසා ඇත්තේ මෙම මෙහෙයුම ගෝලීය වශයෙන් අපරාධ කල්ලිවලට එල්ල කළ දැඩි පහරක් බව හා ලොව පුරා තවමත් පවතින අපරාධකරුවන් අතර මෙය බියක් දනවනසුළු මෙහෙයුමක් වනු ඇති බවය. [caption id="attachment_150201" align="alignnone" width="612"] ලොවපුරා අපරාධකරුවන් 200කට අධික පිරිසක් අත්අඩංගුවට[/caption] මෙතෙක් රහසක්ව පැවති මෙම මෙහෙයුම පිළිබඳව හෙළි කළ පළමු රටවල් වූයේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයයි. ඔස්ටේ්‍රලියානු පොලීසිය පැවසුවේ ඔවුන් එෆ්.බී.අයි. සමග ඒකාබද්ධව මෙම සැලස්ම සකස් කළ බවය. එක්සත් ජනපදය හා අනෙකුත් යුරෝපීය රටවල් ඔවුන්ගේ ප්‍රතිඵල ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එරංදි කෞශල්‍යා
 

More News..