brand logo

eZ Cash විසින් ක්ෂුද්‍ර ණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම QR ගෙවීමේ ක්‍රමය හඳුන්වා දෙයි

03 October 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත්, මෙරට ප්‍රථම සහ විශාලතම මොබයිල් මුදල් හා ගෙවීම් සේවාව වන eZ Cash, VisionFund Lanka සමාගම සමග එක්ව ක්ෂුද්‍ර ණය ලබාගන්නා පාරිභෝගිකයන්ට පහසුකම් සැලසීම සඳහා ඉතා පහසු හා තිරසර QR ගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.VisionFund Lanka සමාගම World Vision සමාගමට අනුබද්ධ ප්‍රමුඛතම සමාජ වගකීමක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන අතර, VisionFund International හි උප සමාගමක් ද වෙයි. VisionFund Lanka හි පාරිභෝගිකයන් තම සමාගමේ සේවාවන් තුළ රඳවාගැනීම වෙනුවෙන් ඩිජිටල් ක්‍රමවේදයක් ඇතුළත් විසඳුමක් සඳහා ඇතිකරගත් මෙම සහයෝගීත්වය හරහා, QR කාඩ්පතක් මගින් ණය ආපසු ගෙවීමට හැකියාව සලසාදීම තුළින් ක්ෂුද්‍ර ණය ආපසු ගෙවීමේ සමස්ත ක්‍රමවේදය විශාල පරිවර්තනයකට ලක් කිරීමට සමත්ව ඇත. මෙම ක්‍රමවේදය හරහා VisionFund Lanka පාරිභෝගිකයන්ට ඔවුන්ට ළඟම eZ Cash වෙළෙඳ නියෝජිත මධ්‍යස්ථානවලින් තම QR කාඩ්පත් scan කර කාර්යක්ෂමව තම ණය සඳහා අදාළ විස්තර බලාගැනීමට හැකියාව ලැබෙන අතර, මේ ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවද හිමිවී, මූල්‍ය ගනුදෙනු පහසුවෙන්, ආරක්ෂාකාරීව සහ වර්චුවල් ආකාරයට සිදුකිරීම සඳහාද වැදගත් වෙයි. මේ වන විට පාරිභෝගිකයන්ට ඔවුන්ට ළඟම පිහිටි VisionFund Lanka කාර්යාලවලින් තමන්ගේ QR කාඩ්පත් ලබාගැනීමට පහසුකම් සලසා ඇත. 2019 දත්තවලට අනුව VisionFund Lanka ආයතනය විසින් දිවයින පුරා විසිරී සිටින ග්‍රාමීය පවුල් 30,000 කට සේවා සලසා ඇති අතර, මූල්‍ය අවශ්‍යතාවයන් පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ආයතන සවිබලගැන්වීමටද පියවර ගන්නා ලදී.
 

More News..