brand logo

ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකෙරේ

10 January 2021

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා ජනවාරි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මේ අනුව කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙන බවයි. ETI ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා පස්වරුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් අත්අඩංගුවට ගනු ලැබුවා.
 

More News..