brand logo

ETI හිටපු අධ්‍යක්ෂවරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

12 January 2021

    ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමකර තිබේ. ETI මූල්‍ය ආයතනයේ මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබු අවස්ථාවේ අද (12) එම නියෝගය නිකුත්කර ඇත. කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට කළුතර සහ වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අද(12) නඩු වාරයට කැඳවා නොතිබුනේ පවතින කොවිඩ් අවදානම හේතුවෙනි.
 

More News..