brand logo

EPF ප්‍රතිලාභ ගෙවීමේ අංශ දින දෙකකට වැසෙයි

11 May 2021

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශ හෙට සහ අනිද්දා යන දින දෙකෙහි වසා තැබීමට තීරණය කර තිබේ. කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 17 වනදා සිට ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මගින් සිදුකරන සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවීම් ශාඛාව පමණක් විවෘතව පවතින බවයි. ඒ සදහා දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන සේවාලාභීන් සදහා පමණක් සේවා සපයන බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.  
 

More News..