brand logo

EPF ගිණුමේ තොරතුරු කෙටි පණිවුඩයකින් ජංගම දුරකථනයට

13 February 2020

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ජංගම දුරකථන කෙටි පණිවුඩයකින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ වන විට පවතින ක්‍රමවේදය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායක මුදල් ගිණුම්ගත වී ඇත්ද යන්න දැනගැනීමට මාස 6ක් සහ මාස 12ක් අතර කාලයක් ගත වෙයි. පවතින ක්‍රමවේදය හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට විවිධ ගැටළු රාශියකට මුහුණදීමට සිදුව තිබේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් සිය ගිණුමට බැර වී ඇති බවට මාසිකව ඔවුන්ටම සනාථ කර ගැනීමට හැකි වන පරිදි ගිණුම්ගත වූ සැණින් සාමාජිකයා විසින් නම් කරනු ලබන ජංගම දුරකතන අංකයකට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමේ සේවාවක් ආරම්භ කිරීම ට නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ මේ වන විට සාමාජිකත්වය දරණ ස්ථීර සේවකයින්ගේ සංඛ්‍යාව මිලියන 2.6ක් පමණ වේ.
 

More News..