brand logo

DSI පිය සටහන් රට වටා

20 October 2020

ඩී. සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම පසුගිය මාස කිහිපය ඇතුළතදී මුළු දිවයින ම ආවරණය වන ආකාරයෙන් නව ප‍්‍රදර්ශනාගාර 4 ක් ස්ථාපිත කළ අතර තරගකාරී වෙළෙඳපොළ අවශ්‍යතාවයනට අනුකූලවන ආකාරයෙන් පැරණි ප‍්‍රදර්ශනාගාර 2 ක් නවීකරණය කර නැවත විවෘත කරන ලදී. මෙම ප‍්‍රදර්ශනාගාරයන් කාන්තා, පිරිමි හා ළමා සියල්ලන්ටම ඕනෑම අවස්ථාවකට ගැලපෙන ආකාරයේ විවිධ මාදිලියන්ගෙන් පාවහන් හා ඇඳුම් පැලඳුම් විලාසිතා රැසකින් සමන්විතය. පාරිභෝගික අවශ්‍යතාවන් ඉටුකරදීමෙහිලා සුහද කාර්යක්ෂම සේවාවක නියැළි සුදුසුකම්ලත් වෘත්තීයවේදී කාර්යමණ්ඩලයක් මෙම ප‍්‍රදර්ශනාගාරයන්හි සේවයේ අනුයුක්ත කොට ඇත. මීගමුවේ ග‍්‍රීන්ස් පාරේ, හැටන් නගරයේ මහා වීදියේ, ඇල්පිටියේ මහා වීදියේ මෙන්ම වලස්මුල්ල නගරයේ වීරකැටිය පාරේ නවතම DSI ප‍්‍රදර්ශනාගාර දැන් විවෘතය. පිළියන්දල හොරණ පාරේ, නුවරඑළියේ නව බසාර් වීදියේ DSI ප්‍රදර්ශනාගාරය නවීකරණය කොට නැවත විවෘත කෙරිණ. නව ප්‍රදර්ශනාගාර විවෘත කිරීමේ අවස්ථාවන් ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ විශ්‍රාමලත් සභාපති නන්දදාස රාජපක්ෂ මහතා සහ ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, අධ්‍යක්ෂිකා කෞෂල්‍යා පෙරේරා, අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාරිත්ව මණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
 

More News..