brand logo

Dialog වෙතින් ශ්‍රී ලංකාවේ පළමු වරට Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර 4G Video Blaster පැකේජයක්

11 January 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්‍රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියලුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදාවේ. ඊට අමතරව අනෙකුත් Apps සහ සේවාවන් සඳහා 3.5GB ඩේටා නොමිලේ හිමිවේ. මෙය Anytime, Night time සහ Anytime 4G බෝනස් ඩේටාවලින් සමන්විත වේ. ‘Dialog 4G Video Blaster’ පැකේජය Dialog 4G SIM පතක් භාවිත කරන, 4G දුරකථනයක් ඇති ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයන් හට සක්‍රීය කර ගත හැකි අතර මෙමගින් Standard Definition වීඩියෝ (SD video) ලිමිට් නැතිව නැරඹිය හැක. MyDialog App එක මගින් www.dialog.lk/data වෙත පිවිසීමෙන් හෝ #678# ඩයල් කිරීමෙන් ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයෙක් හට දින 30ක වලංගු කාලයක් සහිත Dialog 4G Video Blaster පැකේජය activate කරගත හැක. පෙරගෙවුම් පාරිභෝගිකයන් හට රු. 249 ක් රීලෝඩ් කිරීම මගින් ද පහසුවෙන් මෙම පැකේජය activate කරගත හැක. වැඩි විස්තර සඳහාwww.dialog.lk වෙත පිවිසෙන්න.
 

More News..