brand logo

Dialog වෙතින් අනුරාධපුර මහා විහාර පරිශ්‍රය තුළ නිදහස් WiFi කලාපයක්

28 December 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, උඳුවප් පොහොය දිනයේදී, අනුරාධපුර මහා විහාර පරිශ්‍රය තුළ නිදහස් WiFi කලාපයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. මහා විහාරයේ ඉල්ලීම පරිදි ස්ථාපනය කරන ලද මෙම නිදහස් WiFi කලාපය, අනුරාධපුර රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිකාරී, නුවරකලාවිය ප්‍රධාන සංඝනායක, පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. උඩමළුව මහා විහාර පරිශ්‍රයේ බටහිර දොරටුවෙන් පිටත කලාපයක ස්ථාපිත කළ නිදහස් WiFi කලාපය, මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් සහ මහා විහාර පරිපාලන අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකරගැනීම සඳහා ක්‍රියාත්මක වේ. ඩයලොග් විසින් උඳුවප් පොහොය දිනයේදී ස්වාධීන රූපවාහිනී සේවය සමග එක්වී “සවණක් රැස්” වැඩසටහනට අනුග්‍රහය දක්වන ලද අතර, දවස පුරා ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ පැවති වැඩසටහන් දැක ගනිමින් ඒ හා සම්බන්ධවීමට මෙරට සියලු බෞද්ධයන් හට අවස්ථාව සලසාදෙන ලදී.තවද අනුරාධපුර මහා විහාර පරිශ්‍රයට අයත් ධර්මශාලාවේ වහල පිළිසකර කිරීමේ කටයුතු සඳහා ද ඩයලොග් තම දායකත්වය ලබාදෙන අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එම කටයුතු සඳහා අවශ්‍ය පිරිස් බලයෙන් සහයෝගිත්වය දක්වයි. ඩයලොග්, කොළඹ කොටස් වෙළඳපළේ ප්‍රමුඛතම පොදු ලැයිස්තුගත සමාගමක් වන අතර, ශ්‍රී ලාංකික උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් මහනුවර පෙරහර, කැලණිය දුරුතු මහා පෙරහර, ගංගාරාමය නවම් මහා පෙරහර, බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාමය ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය, කතරගම ඇසළ පෙරහර, ගැටබරු ඇසළ පෙරහර සහ කෝට්ටේ රජ මහා විහාර පෙරහර ඇතුළු සංස්කෘතික අවස්ථා රැසකට දිගු කාලීනව තම දායකත්වය ලබා දී ඇත. මෙය ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය සහ උරුමය රැකගැනීම වෙනුවෙන් ඩයලොග් සමාගමේ තවත් පියවරක් වන අතර, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙහි වාහල්කඩ සැකසීමේදී ද සංස්කෘතියෙන් පොහොසත් ශ්‍රී ලංකා ඉතිහාසය ගොඩනගාලන්නට දායකත්වය සපයා ඇත.
 

More News..