brand logo

DFCC බැංකුවෙන් COVID-19 සහනයක් වශයෙන් ස්ථාවර තැන්පතු සඳහා වැඩි පොලියක්

25 May 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වසරක ස්ථාවර තැන්පතු සඳහා විශේෂ ඉහළ පොලී අනුපාත හඳුන්වා දීමට කටයුතු කර තිබේ. COVID-19 වසංගතය නිසා ඇතිවූ බලපෑමට පිළියමක් වශයෙන්, ජනතාවට සිය ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී ආදායම ඉහළ නැංවීමේ අරමුණින් DFCC බැංකුව විසින් මෙම පියවර ගෙන ඇත. මෙම විශේෂ පොලී අනුපාත අවුරුදු 55 ට වැඩි ගනුදෙනුකරුවන්ට හිමිවන අතර, ඔවුන්ට සිය තැන්පතු කල්පිරීමේදී 10% ක ඉහළ පොලියක් සහ මාසිකව පොලිය ලබාගැනීමේදී 9.75% ක සුවිශේෂී ලෙස ඉහළ පොලී අනුපාතයක් හිමි වේ. ශ්‍රී ලංකාවේ කාටත් ගැළපෙන බැංකුව ලෙස පොදු ජනතාවට සේවාවන් සලසන DFCC බැංකුව, මේ දුෂ්කර සමයේ වයස අවුරුදු 55ට වැඩි ස්ථාවර තැන්පතු මගින් පොලී ආදායම් ලබන්නන්ගේ ආදායම වැඩි කිරීමේ අරමුණින් මෙවැනි විශේෂ දීමනාවන් හඳුන්වා දී ඇත. ගමනාගමන කටයුතු සීමා වී ඇති කාලසීමාවේදී ජනතාවට ඉතාමත් පහසුවෙන්, DFCC බැංකුවේ වෙබ් අඩවියට ඇතුළුව එහි ඩිජිටල් සේවා පදනම් ඔස්සේ සේවාවන් ලබාගත හැකි අතර, ඊට අමතරව දිවයින පුරා විසිරුණු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 139 අතරින් තමන්ට ළඟම පිහිටි ශාඛාව වෙත ගොස් එහි සිටින සුහදශීලී කාර්ය මණ්ඩලය වෙතින් සේවාවන් ලබාගත හැකි වේ. මෙම නවතම දීමනාවෙන් උපරිම ප්‍රයෝජන ලබමින් තම තැන්පතු සඳහා වැඩි පොලී ආදායමක් ලබාගන්නා මෙන් DFCC බැංකුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටී. මේ වනවිට රජය විසින් ජනතාවගේ ආරක්ෂාව සඳහා නියම කර ඇති විශේෂ මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ගනුදෙනුකරුවන්ට තම නිවෙස්වල සිටම සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදීමට DFCC බැංකුව පියවර ගෙන ඇත.
 

More News..