brand logo

DFCC බැංකුවෙන් කුඩා හා මධ්‍යම පරිමාණ අපනයන ආශ්‍රිත ව්‍යාපාර වෙනුවෙන් සහනදායී ණයක්

13 July 2020

DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ අපනයන කරුවන්ට සුවිශේෂී සහනයක් පිරිනැමීමේ අරමුණින් ‘DFCC සහනය’ නමින් විශේෂ සහන ණය ක්‍රමයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 වසංගතය නිසා විශේෂයෙන්ම රටේ කුඩා හා මධ්‍යම පරිමාණ අපනන ආශ්‍රිත ව්‍යාපාර ඇතුළුව සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතිවී තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින්, එම ක්ෂේත්‍රය නැවත නගාසිටුවීමට අතදීමක් වශයෙන් මෙම සහන ණය ක්‍රමය හඳුන්වා දීමට COVID බැංකුව පියවර ගෙන ඇත. රුපියල් බිලියන 2 කට ආසන්න වටිනාකමකින් යුත් මෙම නව ණය යෝජනා ක්‍රමය යටතේ අපනයන ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර නැවත බලගැන්වීම සහ එහි අනාගත දියුණුව උදෙසා සහන ණය පහසුකම් ලබාගත හැකි වේ. ‘COVID සහනය’ යටතේ සුදුසුකම් ලබන ව්‍යාපාර වලට, 9% ක වාර්ෂික පොලියක් යටතේ, රුපියල් මිලියන 5 ත් 25 ත් අතර ණය මුදලක් ලබාගත හැක. උපරිම ණය කාලසීමාව වසර 4 ක් වන අතර, මෙම ණය ක්‍රමය යටතේ කාලීන ණය සහ ස්ථාවර කාරක ප්‍රාග්ධන ණය ලබාදීමට DFCC බැංකුව පියවර ගනු ඇත.
 

More News..