Uncategorized

DFCC බැංකුව සිය www.dfcc.lk වෙබ් අඩවිය නව විශේෂාංග සමගින් බලගන්වයි

ශ්‍රී ලංකාව දිනෙන් දින ඩිජිටලීකරණ ක්‍ෂේත්‍රයේ වර්ධනයක් නිර්මාණය කර ගැනීමේ පසුබිම තුළ, DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන් සහ පාර්ශ්වකරුවන් තෘප්තියට පත්කරමින් අන්තර්ජාලය ඔස්සේ සිය සේවා ජාලය පුළුල් කර ඇත. ඒ අනුව හොඳම පාරිභෝගික කේන්ද්‍රීය හා මනා ඩිජිටලීකරණයක් සහිත සක්‍රීය බැංකුව බවට පත්වීමේ සිය ආයතනික උපාය මාර්ගයට අනුකූලව, DFCC බැංකුව විසින් පාරිභෝගිකයින් වෙත නව අත්දැකීමක් ගෙන එමින්, වැඩිදියුණු කළ මනා කාර්යක්ෂම පරිශීලක පහසුකම් සමගින් සිය බැංකු වෙබ් අඩවිය නැවත සමාජ ගත කිරීමට යොමුවිය.

‘කාටත් ගැලපෙන බැංකුව’ වීමේ සිය අරමුණ නැවත වරක් අවධාරණය කරමින්, පරිශීලකයින් සඳහා ඉතා පහසුවෙන් භාවිත කළ හැකි අයුරින් භාෂා ත්‍රිත්වයෙන්ම සිය වෙබ් අඩවිය යාවත්කාලීන කිරිමට DFCC බැංකුව යොමුව ඇති අතර, පරිශීලකයින් වෙත නව අත්දැකීමක් ලබා දෙමින් ඕනෑම උපාංගයක් මගින් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා භාවිත කරමින් මෙම වෙබ් අඩවිය පුරා සැරිසැරීමේ හැකියාව ලබා දී ඇත.