DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුමක්
19 May 2020
DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුමක්
19 May 2020
COVID-19 වසංගත තත්ත්වය නිසා මේ වනවිට ලොව පුරා ආර්ථිකයන් විශාල අර්බුදකාරී තත්ත්වයකට පත්වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජයද තම පුරවැසියන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එම උත්සාහයේ එක් පියවරක් ලෙස රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මගපෙන්වීම අනුව 2020 අප්‍රේල් මාසයේදී විශේෂ තැන්පතු ගිනුම් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින ගෝලීය වසංගත තත්ත්වය මගින් රටට ඇතිවන බලපෑම අවම කරගැනීම මෙහි අරමුණ වේ. DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිනුම ශ්‍රී ලංකා රුපියල්, ඇමරිකානු ඩොලර්, යුරෝ, බ්‍රිතාන්‍ය පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර්, ජපන් යෙන්, සිංගප්පූරු ඩොලර්, කැනඩා ඩොලර් සහ ස්විස් ෆ්‍රෑන්ක් යන මුදල් වර්ග වලින් විවෘත කළ හැකි වේ. තැන්පතු මුදල සඳහා අවම සීමාවක් පනවා නොමැති අතර, අවම ස්ථාවර තැන්පතු කාලසීමාව මාස 6 කි. ස්ථාවර තැන්පතුව කල්පිරීමේදී වෙනත් මුදල් වර්ගයක් බවට පරිවර්තනය කිරීම සහ ආපසු ශ්‍රී ලංකාවෙන් පිටතට යැවීම නිදහසේ සිදු කළ හැක. විශේෂ තැන්පතු ගිනුමක් මීට අදාළ විධිවිධාන ක්‍රියාත්මක වූ දිනයේ (2020 අප්‍රේල් 08) සිට මාස 6 ක කාලය ඇතුළත, බැංකු පද්ධතිය හරහා ගිනුම් හිමියාගේ නමට අභ්‍යන්තර ප්‍රේෂණයක් මගින් ලැබුණු මුදල්වලින් විවෘත කළ හැකි අතර, දැනටමත් ගනුදෙනුකරුවන් වන පුද්ගලයන්ට මෙන්ම, නව ගනුදෙනුකරුවන්ටද, විදේශ මුදල්වලින් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින්, තනි පුද්ගල ගිනුමක් හෝ බද්ධ ගිනුමක් වශයෙන් ආරම්භ කළ හැකි වේ.
DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුමක්
COVID-19 වසංගත තත්ත්වය නිසා මේ වනවිට ලොව පුරා ආර්ථිකයන් විශාල අර්බුදකාරී තත්ත්වයකට පත්වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජයද තම පුරවැසියන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එම උත්සාහයේ එක් පියවරක් ලෙස රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මගපෙන්වීම අනුව 2020 අප්‍රේල් මාසයේදී විශේෂ තැන්පතු ගිනුම් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින ගෝලීය වසංගත තත්ත්වය මගින් රටට ඇතිවන බලපෑම අවම කරගැනීම මෙහි අරමුණ වේ.
DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිනුම ශ්‍රී ලංකා රුපියල්, ඇමරිකානු ඩොලර්, යුරෝ, බ්‍රිතාන්‍ය පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර්, ජපන් යෙන්, සිංගප්පූරු ඩොලර්, කැනඩා ඩොලර් සහ ස්විස් ෆ්‍රෑන්ක් යන මුදල් වර්ග වලින් විවෘත කළ හැකි වේ. තැන්පතු මුදල සඳහා අවම සීමාවක් පනවා නොමැති අතර, අවම ස්ථාවර තැන්පතු කාලසීමාව මාස 6 කි. ස්ථාවර තැන්පතුව කල්පිරීමේදී වෙනත් මුදල් වර්ගයක් බවට පරිවර්තනය කිරීම සහ ආපසු ශ්‍රී ලංකාවෙන් පිටතට යැවීම නිදහසේ සිදු කළ හැක. විශේෂ තැන්පතු ගිනුමක් මීට අදාළ විධිවිධාන ක්‍රියාත්මක වූ දිනයේ (2020 අප්‍රේල් 08) සිට මාස 6 ක කාලය ඇතුළත, බැංකු පද්ධතිය හරහා ගිනුම් හිමියාගේ නමට අභ්‍යන්තර ප්‍රේෂණයක් මගින් ලැබුණු මුදල්වලින් විවෘත කළ හැකි අතර, දැනටමත් ගනුදෙනුකරුවන් වන පුද්ගලයන්ට මෙන්ම, නව ගනුදෙනුකරුවන්ටද, විදේශ මුදල්වලින් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින්, තනි පුද්ගල ගිනුමක් හෝ බද්ධ ගිනුමක් වශයෙන් ආරම්භ කළ හැකි වේ.