brand logo

Derana START UP 2021 යොවුන් ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගනී

29 September 2020

ශ්‍රී ලංකා තරුණ සහ ක්‍රීඩා ආමාත්‍යාංශය ලාංකීය තරුණ ප්‍රජාව තුළ නව ව්‍යවසායික සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් දෙරණ මාධ්‍ය ජාලය මගින් මෙහෙයවනු ලබන Derana START UP 2021 රූපවාහිනී වැඩසටහනේ ව්‍යාපෘති සහකරු බවට පත්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ලිපියට අත්සන් තැබීම පසුගිය ද්‍ා තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් එම අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී සිදුවිය. මෙහිදී දෙරණ මාධ්‍ය ආයතනය වෙනුවෙන් එහි උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලක්සිරි වික්‍රමගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවන් එහි ලේකම් අනුරාධ විජේකෝන් යන මහත්වරුන් අදාළ අවබෝධතා ලිපියට අත්සන් තැබීය. මෙයට සමගාමීව මෙම ව්‍යාපෘතියේ ක්‍රමෝපායික හවුල්කරුවන් වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම, කාන්තා වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා අලෙවිකරන ආයතනය (SLIM) සහ Hardtalk යන ආයතනයන් සමග වන අවබෝධතා ලිපි හුවමාරු කාර්යයද සිදුවිය. දෙරණ මාධ්‍ය ජාලය, ජාත්‍යන්ත සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජ්‍යායතනය (USAID) හි තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සහ ජෝර්දානු ලාභ නොලබන සංවිධානයක් වන Partners for Good (PfG) යන ආයතන ඒකාබද්ධව සිදුකරනා මෙම නවතම වැඩසටහන තුළින්, දේශීය රැකියා වියුක්තිය අවම කරමින්, දිවයින පුරා ශක්තිමත් අනාගත ව්‍යවසායකයන් රැසක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සපයනු ලබයි. මෙයට අමතරව ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති සෘණාත්මක ආකල්පය මගහරවමින්, තාරුණ්‍ය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව බලාපොරොත්තු ජනිත කරමින්, රැකියා අපේක්‍ෂා කරන්නන් නොව නව රැකියා අවස්ථා නිර්මාණය කරන්නන් වර්ධනය කරමින්, ජාතික ආර්ථික සංවර්ධනය සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදිය හැකි තාරුණ්‍යයක් රට පුරා ව්‍යාප්ත කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
 

More News..