Uncategorized

Crimson නවතම බේකරි අලෙවිසැල කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට

Crimson සිය නවතම බේකරි අලෙවිසැල වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) රෝහල් පරිශ්‍රයේදී මෑතකදී අරඹන ලදී. මෙම අලෙවිසැල විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය සේවක මණ්ඩලයට, රෝගීන්ට, ආරක්ෂක සේවක මණ්ඩලයට සහ අනෙකුත් පරිභෝගිකයන්ට ලාෆ්ස් සමූහයේ සුවිශේෂී ක්‍රිම්සන් නාමය සහිත නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇත. ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල්හී උප සන්නාමයක් වන Crimson බේකරිය පහසු මිලට රසවත් මෙන්ම නැවුම් බේකරි ආහාර පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රචලිතය.

මෙම නවතම බේකරි අලෙවිසැල මෑත දී එහි විවෘත කළ සුපිරි වෙළෙඳසැලට යාබදව පිහිටා ඇත. Crimson බේකරි අලෙවිසැල LAUGFS අනන්‍යතාව විදහා දක්වන විශේෂිත නිර්මාණයක් ලෙස පාරිභෝගිකයාට දැකිය හැකිය.