brand logo

covid-19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය

12 July 2020

කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබාදෙමින් සියලුදෙනාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නොපැකිලව මැදිහත් වන බවය. අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලු අධ්‍යාපන කාර්යය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. 1988 ක්ෂණික දුරකථන අංකය හෝ 0112 785 818 දරණ ෆැක්ස් අංකය සහ info@moe.gov.lk යන විද්‍යුත් ලිපිනය වෙත අධ්‍යාපන බලධාරීන්ට තම සේවා ස්ථානය සහ ප්‍රදේශයේ කොවිඩ්-19 වසංගත තත්ත්වයට අදාළ තොරතුරු යොමුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..