brand logo

COVID-19 අරමුදලේ ශේෂය මිලියන 915 දක්වා ඉහළට

13 May 2020

COVID- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915 දක්වා ඉහළ ගොස් ඇත. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය රුපියල් මිලියන 5 බැඟින් වූ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා ඇත. හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.ඒ.මානෙල් බණ්ඩාර මහතා රුපියල් 50000 ක්, ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් කරුණාවංශ මහතා රුපියල් 16 500 ක්, සරත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂ පහක්, NEC Lanka Industries රුපියල් මිලියනයක්, උදාර ගිංතොට සහ මහේෂ් ඩයස් මහත්වරුන් රුපියල් ලක්ෂයක් COVID – 19 ආරක්ෂණ අරමුදලට පරිත්‍යාගකර ඇත. ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි රංජන් ද සිල්වා සහ ටෙලිනාට්‍ය නිෂ්පාදක රොෂාන් වෙල්ලප්පුලි මහත්වරුන් විසින් කොළඹ ජාතික රෝහලේ සායනික කටයුතු වෙනුවෙන් ජංගම දුරකථන 03ක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා වෙත අද (13) දහවල් භාරදෙනු ලැබීය. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කෙරෙයි.
 

More News..