brand logo

Coconut tree hill ඉඩමේ වැටක් - දෙපාර්ශවයක ආරවුලක්

06 January 2021

  මිරිස්සේ Coconut tree hill ඉඩමේ මේ වන විට වැටක් ඉදිකර ඇති අතර මේ වන විට දෙපාර්ශවයක් අතර ආරවුලක් ඇතිව තිබෙන බව පැවසෙනවා. එසේම මෙම ස්ථානය ඡායරුප ශිල්පින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබූ තැනක් වනවා. ස්ථානයේ පුද්ගලික ඉඩමකට අයත් භුමි ප්‍රදේශයක් පවතින බව අනාවරණය වී ඇති අතර මේ අනුව අදාල ඉඩම් හිමියා විසින් තමන් සතු ඉඩම වටා මෙලෙස වැටක් ඉදිකර තිබෙනවා. කෙසේ වෙතත් සංචාරකයින් සඳහා ස්ථානයට ප්‍රවේශ විය හැකි ආකාරයට එම වැට ඉදිකර ඇති බව පැවසෙනවා. එසේම සම්පූර්ණ ඉඩම පුද්ගලයන් දෙදෙනෙකුගේ හිමිකාරීත්වයට යටතේ පවතින බව පැවසෙනවා. ඉන් එක් කොටසක් මිරිස්සේ ප්‍රසිද්ධ හෝටල් හිමියෙකුගේ වන අතර ඔහු විසින් මෙම ඉඩමේ ඔහුට අයත් නොවන කොටසක වගාවක් කර තිබෙන බව වාර්තා වී ඇත. මේ නිසා ඇතිවූ මත ගැටුමක් මත මෙලස කොන්ක්‍රීට් කණු සිටුවා තිබේ. මේ වන විට ඉඩමේ අනෙක් හිමිකම් පාර්ශවය' මාතර – කොටවිල පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර පැමිණිලි විභාගය අද පස්වරුවේ කොටවිල පොලීසියේදී සිදුකිරීමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ.
 

More News..