brand logo

CID දෙවැනි පුටුවට පළමුවෙන් ආ කාන්තාව මෙන්න

11 June 2021

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළමු නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය පත්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිට යටතේ එම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරයි. 2007 වසරේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට බැඳී ඇති ඇය වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරිනියකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂධුරයට පත් ඇය දෙස් විදෙස් පාඨමාල රැසක් හදාරා තිබේ. ඉමේෂා මුතුමාල මහත්මිය නුගේගොඩ කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ ද රාජකාරී සිදුකර තිබේ. No description available.
 

More News..