brand logo

CIDය මගහැර මාණ්ඩලික ප්‍රධානි රවි මෙක්සිකෝවට යයි

10 September 2018

හිටපු නාවික හමුදාපති, වත්මන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතාට අද (10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වා තිබියදී ඔහු මෙක්සිකෝව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. සැප්තැම්බර් 16 වනදාට යෙදී ඇති මෙක්සිකෝ ජාතික නිදහස් දිනයට ශ්‍රී ලංකා ජනපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් සහභාගී වීම සඳහා තමන් රටින් බැහැරවන බවට විජේගුණවර්ධන මහතා CIDයට දන්වා ඇතැයි වාර්තා වේ. පසුගිය රජය සමයේ 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නේවි සම්පත්ට රැකවරණය දී රටින් පලා යෑමට උපකාර කළේ යැයි රවි විජේගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට අද පෙරවරු 09.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි ඔහුට දන්වා තිබියදී අද අලුයම ඔහු රටින් පිටව ගොස් ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් මීට පෙර නියෝග කර තිබුණි. එහෙත් ඔහු අත් අඩංගුවට ගැනීමක් සිදු නොවූ අතර අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබුණි.
 

More News..