brand logo

CIDය කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්

09 April 2019

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී ඇත. 2008 වසරේ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි මෙම දැනුම්දීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකරුවන් 07 දෙනා, අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එහිදී නියෝග කර ඇත්තේ සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. එම සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරන ගෙන අවසන් බවත්, එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශනය කර, ඉදිරි නඩු දිනයේදී විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
 

More News..