brand logo

CIDයට නව අධ්‍යක්ෂවරයෙක් පත් කරයි

10 April 2021

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාව පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මීට පෙර එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..