brand logo

CCTV ආශ්‍රයෙන් හකීම්ගේ ආශ්‍රිතයින් සොයයි

10 January 2021

මේ වන විට ආසාදිත බව හඳුනාගෙන සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් තිබේ. මන්ත්‍රීවරයා පසුගිය 5 වන දින පාර්ලිමේන්තු සභාවාරයට පැමිණ තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ. එබැවින් CCTV කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳ හදුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව පැවසෙනවා. එසේම ලබන සතිය තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පීසීආර් සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බව ප්‍රධාන වේත්‍රධාරීවරයා සඳහන් කරනවා.
 

More News..