Uncategorized

CBL සමපෝෂ, බාලදක්ෂයන් සමග සමබල උදෑසන ආහාරයක වටිනාකම රටටම කියයි

CBL සමපෝෂ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම උදෑසන ධාන්‍යමය අහාරය ලෙස ශ්‍රී ලංකාවේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් බවට පත් කිරීමේ අරමුණින්, සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර පුරුදු රට පුරා ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් 54 වන කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ ජම්බෝරියේදී දියත් කළේය. මෙහිදී අනාගත තරුණ නායකයන්ට සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර පුරුදුවල වටිනාකම අවබෝධ කර ගැනීමට අවකාශය සලසා දෙන ලද අතර රට පුරා එම දැනුම ප්‍රචලිත කිරීමට ඔවුන් දිරිගන්වන ලදී. සමපෝෂ ආරම්භ කරන ලද මෙම සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර පුරුදු ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරය පසුගිය වසර එකහමාරක කාලය තුළ වේගයෙන් වර්ධනය වී ඇත.

සමපෝෂ සමග එක්ව කොළඹ බාලදක්ෂ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ලද 54 වන කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ ජම්බෝරිය රත්මලාන හින්දු විද්‍යාලයේදී දින පහක් පුරා පැවැත්විණි. ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 45ක බාල දක්ෂයන් 2500ක් ද වයස වුරුදු හතේ සිට දහය දක්වා වූ බාලදක්ෂයන් 2000ක් ද වයස අවුරුදු 5ත් 7ත් අතර සිඟිති බාලදක්ෂයන් 750ක් ද සහභාගී වූහ. . “බාල, තරුණ, වැඩිහිටි ප්‍රජාවකගේ සුසංයෝගයෙන් පැවැත්වෙන මෙවැනි විශාල ජම්බෝරියකට සමබල හා සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක වැදගත්කම පිළිබඳ ධනාත්මක සිතුවිලි පුබුදුවමින් එහි කොටස්කරුවකු බවට පත්වීමට හැකි වීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වනවා. සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක වැදගත්කම පිළිබඳ පණිවුඩය අපට ආඩම්බරයෙන් සමාජයට ලබා දිය හැකි සත්‍ය වටිනාකමක් සහිත සුවිශේෂී පණිවුඩයක්. මෙම අවස්ථාවට සහභාගී වෙමින් CBL ආහාර අංශයේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා මෙසේ පැවසීය.”

ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ශූරතා පිරිනැමීමෙන් අනතුරුව සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක වටිනාකමත්, ගුණයෙන් පෝෂණයෙන් පිරි පරපුරක වැදගත්කමේ පණිවුඩයත් තම පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග බෙදා හදා ගන්නා බවට බාලදක්ෂයන් සියලුදෙනා එක්වී ප්‍රතිඥා දුන්නේය. මෙම පූර්ණ වැඩසටහන මගින් හෙට දවසේ නායකයන් බිහි කිරීමට මෙන්ම දරුවකුගේ ශාරීරික සංවර්ධනයට සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරය උපකාරී වන්නේ කෙසේද යන්න බාලදක්ෂයන් මෙන්ම දෙමව්පියන් ද ඉතා හොඳින් තේරුම් ගනු ලැබිණි.

සමපෝෂ යනු ප්ලෙන්ටි ෆුඩ්ස් (පුද්) සමාගමෙහි ප්‍රමුඛතම සන්නාමය වන අතර එය CBL සමාගම් සමූහයේ සාමාජිකයෙකි. CBL සමාගම මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන දේශීය සමාගම් සමූහයකි. එසේම සමාගම ව්‍යාපාරික කටයුතුවලදී මෙන්ම ආයතනික ප්‍රජා සත්කාරයන් තුළින් ද, සියලු පාර්ශ්වයන් කෙරෙහි දක්වන සෙනෙහස හේතුවෙන් මහත් ගෞරවාදරයට පාත්‍ර වි ඇත.

බාලදක්ෂයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්මාණාත්මක හා සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරය විනිශ්චය කිරීමේදී සූපවේදීන් විසින් වටිනා උපදෙස් ලබා දෙමින්.