විශේෂාංග

අපට වැරදුනා මහත්තයෝ

පසුගිය සතිය ගෙවී ගියේ මහා අර්බුදකාරී දෙයක් රටේ සිද්ධවේය යන භීතියෙනි. ඒ පොහොට්ටුව ලකුණෙන් දැනටමත් ජනාධිපති අපේක්ෂකත්වයට ඇප බැඳ තිබෙන ගෝඨාට එරෙහිව හදිසියේ අභියාචනාධිකරණයේ පැවරූ නඩුව නිසාය. ගෝඨාභය රාජපක්ෂ තම ද්විත්ව පුරවැසිබව අහෝසි කරගෙන ලංකාවේ පුරවැසිබව ලබාගත් ක්‍රමය වැරදි සහගත බව කියමින් අභියාචනාධිකරණයට නඩුවක් ගොනු කර තිබිණ. ජනාධිපතිවරණයට නාම යෝජනා[…]

Read More »

දුම්රිය වර්ජනයේ පාඩුව මගියාට පමණක් නොවේ

​මේ දිනවල රටේ වැඩිපුරම බැණුම් අසන පිරිසක් වේ නම් ඒ දුම්රිය සේවකයන් විය යුතුය. දේශපාලකයන්ද ඉක්මවා ඔවුන් ජනතාවගෙන් බැණුම් අසමින් සිටින්නේ මේ දිනවල ඔවුන් විසින් ක්‍රියාත්මක කොට ඇති වැඩ වර්ජනය හේතුකොටගෙනය. මේ වර්ජනයට දින අටක් සම්පූර්ණ වූ ඊයේ සවස් වනතුරුත් විසඳුමක් ලැබී තිබුණේ නැත. දුම්රිය මගීන්ගෙන් බහුතරය රජයේ හෝ පෞද්ගලික[…]

Read More »

කපුවන් නැති ගලේ දේවාලය

දේවාලයට කපුවාත්, කපුවා දේවාලයටත් බෙහෙවින් සමීපය. කපුවකු නැති දේවාලයක් නැතැයි ඇතැමෙකුට සිතෙන්නටද ඉඩ තිබේ. එහෙත් ලක්ෂ ගණනින් ජනයා යන එන කපුවන් නැති දේවාලයක් ගැන අපට තොරතුරු දැනගන්නට ලැබුණි. සතියේ සාමාන්‍ය දිනවල පන්දහසක් පමණ පිරිසක්ද, අඟහරුවාදා, බදාදා දිනවල එමෙන් දෙතුන් ගුණයක්ද සෙනසුරාදා දිනයේ පනස් දහසක් පමණ බැතිමතුන් පිරිසක්ද මෙම දෙවොල වැඳ[…]

Read More »

වර්ජනයේ අතුරු කතා

මීට වසර කිහිපයකට උඩ දී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ‘සෙල්ලම් ගෙදර’ නමින් ළමා වැඩසටහනක් විකාශය විය. සෙල්ලම්​ ගෙදර ළමයින්ගේ වුව සෙල්ලම් ගෙදරකට මුවා වී කතා කළේ එදා දවසේ රටේ තොටේ ප්‍රශ්නයකි. නැතිනම් සමාජයේ අඩුපාඩු තැනකි. එහි එක් සතියක මාතෘකාව වී තිබුණේ ලංකාවේ වර්ජන රැල්ලයි. සෙල්ලම් ගෙදර සක්‍ර දේවේන්ද්‍රයාට ඇඳගත් දරුවා සිනාමුසු[…]

Read More »

ගෝඨාට නඩු දාන්න රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් විස්තර කියයි

නීතිපති දෙපාර්තමේන්තුවෙ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ කොහොමද? මූලිකවම ගත්තම නීතිපති දෙපාර්තමේන්තුව කියන්නෙ, අර්ධ අධිකරණමය ක්‍රියාදාමයක් පවත්වාගෙන යන ආයතනයක්. මේ නිසා දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියකුගෙන්ම ආගමික නායකයකුගෙන්ම අපේක්ෂා කරන තරම් පාරිශුද්ධත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි නීතිපති දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ. මේ දෙපාර්තමේන්තුවට වසර 135ක කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. රටට අග විනිසුරුවරුන්[…]

Read More »

මහ වැස්සෙ මතක් වුණ මහ වතුරක මරු ගමනක්

1957 දෙසැම්බර් මාසයේදී සිදු වූ ජීවිතයේ දී අමතක නොවන ත්‍රාසජනක සිද්ධිය කුමක්දැයි ප්‍රශ්න කළහොත් ‘‘මහා ගංවතුර’’යි ඔබ පිළිතුරු දෙනු ඇත. එහෙත් මගෙන් එම ප්‍රශ්නය ඇසුවොත් වචන දෙකකින් පිළිතුරු දී නිශ්ශබ්ද වීමට මට බැරිය. ඊට හේතුව මට අමතක නොවන සිද්ධිය වශයෙන් කීමට දිග කතාන්දරයක් තිබීමය. 1958 වර්ෂය සඳහා මුද්‍රණය කරන ලද[…]

Read More »

රිළවුන්ට මරණ දඬුවම!

තමන්ට එරෙහි සෙසු පාර්ශ්වයන්ගෙන් එල්ල වන තර්ජන, ගර්ජන, අසාධාරණකම්වලට එරෙහිව සාමූහිකව නැගී සිටීම පොදු මිනිස් ගතියකි. ඒ අනුව මීට මාස කිහිපයකට ඉහත මහනුවර දිස්ත්‍රික්කයේ තලාතුඔය නගරයේ ද එවැනි ජනතා විරෝධයක් දියත් කෙරිණි. තලාතුඔය අවට හේවා හැට ප්‍රදේශයට අයත් බව්ලාන, මුදුනකඩේ, ගොඩමුන්න, කපුලියැද්ද ඇතුළු ගම්මානවල වැසියන් එසේ නගරයට පැමිණ වීදි බසින[…]

Read More »

දීගොඩ කුමාරගේ පාන් කා දැඩි සත්කාරයට ගිය සිසුවාගේ කතාව

අත තබා ආශිර්වාද කොට වෘෂණ කෝෂ දෙකක් මවාදුන් දී‍ගොඩ කුමාර පිළිබඳ ලියැවුණ සටහනින් පසුව දෙව් සුව සේවා වැඩසටහනේ බලය ඔප්පු කොට පෙන්වීමට පැමිණෙනවා කියා දුරකථන ඇමැතුම් ගලා එන්නට විය. ඒවා හුදෙක් දුරකථන ඇමැතුම්වලට සීමා වූ නිසා දී‍ගොඩ කුමාරගේ වැඩ ගැන අන්තර්ජාලයට වීඩියෝපට මුදාහරින පිරිස් සොයා යෑමට අපිම තීරණය කළෙමු. එහිදී[…]

Read More »

අසන්න ඇය ගයන්නී සත්‍යයේ ගීතයයි

එක්දහස් නවසිය හැත්තෑ හතේ බලයට ආ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලෙයින්, යකඩයෙන් ජනතාව මඬිද්දී නන්දා මාලනිය සත්‍යයේ ගීතය නම් විරෝධාකල්ප ගී දැහැනක් පවත්වමින් රට වටා ගියාය. එහි අරමුණ පෝස්ටරයක් මගින් ප්‍රචාරය කළේ අසන්න, ඇය ගයන්නී සත්‍යයේ ගීතයයි කියාය. නන්දාගේ සත්‍යයේ ගීතය දේශපාලන විචාරකයන් හැඳින්වූයේ යූඑන්පීයේ මුග්ධ සහ රුදුරුකමේ යථාර්ථය පෙන්වන[…]

Read More »

පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් බස් නැවතුම්පළක් ඉදිකළ යුවළක්

සිය පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් යුවළක් විසින් බස් නැවතුම්පළක් ඉදිකර තිබේ. සැප්තැම්බර් මස 06 වැනි දිනට යෙදුන සිය පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් මෙලෙස බස් නැවතුම් පළක් ඉදිකර තිබුනේ තීක්ෂණ ප්‍රමෝද් සහ ඔහුගේ ආදරණීය බිරිදය. විශාල වෙහෙස මහන්සියක් දරා මහමෙව්නාව අසපුව වෙත පැමිණෙන සැදැහැවතුන් හා අනෙකුත් මගින් උදෙසා විශාල අඩුවක්ව පැවති[…]

Read More »

බලන් තලංගම තෙත් බිම් රූ සිරි!

රජ බිසෝවරුන් කොහොමත් රුවැත්තියන් ය. අන්තඃපුර ස්ත්‍රීහු ද එසේ ය. ඔවුහු රජ ගෙයි ඇතුළු මාලිගාවල වාසය කරති. අදින් වසර 600කට පමණ පෙරාතුව පැවති කෝට්ටේ රාජධානි සමය ප්‍රකටව ඇත්තේ බාහිර සහ අභ්‍යන්තර වියවුල්වලින් පිරුණු වකවානුවක් වශයෙනි. එහෙත් කෝට්ටේ විසූ රජවරු, සිය බිසෝවරුන්ගේ ද, අන්තඃපුර ස්ත්‍රීන්ගේ ද රූප සම්පත්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක්[…]

Read More »