විශේෂාංග

නාවික හමුදා නැව්වලට නම් ලැබුණු හැටි

විටෙක හිසට උඩින් ගලායන දියරැළිය. තවත් විටෙක සැඩ සුළංය. දිය රැළි, සැඩසුළං, ගල්පර, මීදුම් බාධක පරයා ගමනාන්තයට ළඟාවීම නෞකාවක වගකීමය. නෞකාවක් නිර්මාණය වන්නේද එවන් බාධක ජයගෙන ගමනාන්තයට ළඟාවීමටය. එවන් වගකීමක් කරමත පැවරුණ අභිමානවත් හමුදාවක් අපටද ඇත්තේය. ඔවුනට ඇත්තේ සුළුපටු රාජකාරියක්ද නොවන්නේය. දිවයින පුරාම වූ මුහුදු කලාපය අංශක තුන්සිය හැටක්ම ආවරණය[…]

Read More »

අන්තර්ජාලයේ හොල්මන් කරන කවුරුද මේ නාරිලතා

දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන හැඳින් වූ සමගිනි. බැලූ බැල්මටම සොබා දහමේ විස්මිත නිමැවුමක් සේ පෙනෙන එම මල් හෝ ගෙඩි[…]

Read More »

ලංකා භූමියෙන් සියයට හැටක අලි ඇතුන් ඉන්නවා

ආසියානු අලි ජීවත්වන රටවල් දහතුනක් ලෝකයේ ඇත. ඒ අතරින් අපේ රටට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ ජීවත්වන අලි Elephant Maximus Maximus නමින් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමය වීමයි. එමෙන්ම මේ රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුත් අලි ඇතුන් ජීවත්වන රටද ලංකාවය. එවැනි පසුබිමක් අප රටට අලි ඇතුන් ගැන[…]

Read More »

ජනතාව කොකේන් ගහලා…

කොකේන් තියා මම ජීවිතේට බීඩියක්වත් උරලා නෑ. ඒ නිසා මේ සභාවේ ඉන්න කොකේන් ගහන ඇමැතිවරු ගැන ප්‍රසිද්ධ කරන්න. නැතිනම් අපිටත් නරක නාමයක් එනවා. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මේ ආකාරයට ප්‍රකාශ කළේ රංජිත් සෝමවංශ මන්ත්‍රීවරයාය. ‘‘අපි දැන් වියපත්. අපේ වයසේ අය ඕවා පාවිච්චි කළොත් කෙළින් ඉන්න බැරිවෙයි.’’ මාධ්‍යවලට කතා කරන විට කෝපයේ[…]

Read More »

දත් කැක්කුමට හොඳ ඔසුවකි කොකේන්

අද වන විට ලංකාවේ ප්‍රසිද්ධම මාතෘකාව වන්නේ කොකේන්ය. ඒ කොකේන් ගහපු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අැමැතිලාත් සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කිරීමත් සමගය. කොකේන් ලෝකයට පැමිණ ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේ දී ය. කොකේන් මත්ද්‍රව්‍ය නිර්මාණය වන්නේ කොකා ශාකයේ පත්‍ර මගිනි. දකුණු ඇමෙරිකානු හා කොළොම්බියානු රටවලට ආවේණික ශාකයක් වුණු[…]

Read More »

භීෂණ සමයේ මළවුන් අතර – රිචඩ් ද සොයිසා

දොර දොර මළ බෙර වැයුණු, ගොඩ ගොඩ ටයර් සෑ ඉදි වුණු, ‘භීෂණ සමයේ දේශපාලන ඝාතනයක්’ වශයෙන් ඉතිහාසගතවුණු ‘රිචඩ් ද සොයිසාගේ ඝාතනය’ට වසර විසි නවයක් සපිරිණි. ඒ පසුගිය පෙබරවාරි 19 වැනිදාට ය. රිචඩ්ගේ ඝාතකයින් ඔහු ව සොයා පැමිණ තිබුණේ, 1990 පෙබරවාරි 18 වැනිදා ‘එළිවන පාන්දර’ 3.30 ට පමණ ය. ඒ ඔහුත්,[…]

Read More »

අලුගෝසුවාට පව්ද?

එල්ලුම් ගසට පොහොර දමා සාත්තු කර යළි එයට පණ දිය යුතු බව රටේ ඉහළම තැන මතය වී ඇත. එල්ලුම් ගහට තනියෙම පණ දිය නොහැක. එල්ලුම් ගසට පණ දීමට නම්, අලුගෝසුවාට පණ දිය යුතුය. අලුගෝසුවාට පණ දීමෙන් එල්ලා මැරීමට නියම වූ අයගේ පණ නැසෙයි. නමුත් මෙය අලුගෝසුවා විසින් අණක් ක්‍රියාත්මක කරනවා[…]

Read More »

රහසේ කැමරා අටවා හොර්ටන්තැන්නේ කොටි ගණන් කළ හැටි

මව සමග සුරතල් වෙමින් රිසි සේ නිදහසේ සෙල්ලම් කරන කොටි පැටව් දෙදෙනෙකි. එය ඇස් ඉවතට ගැනීමට සිත් නොදෙන දසුනකි. මෙවැනි මනරම් අත්දැකීම් රැසක්ම තිබුණද ඒවා අපේ ඇසින්ම දුටු දර්ශනද නොවේ. අප ඒ සියල්ල දකින්නේ තෙවැනි ඇසෙනි. ඒ ඇස් කඳුකර කොටින් පිළිබඳ හා ඔවුන්ගේ චර්යා රටා ගැන ඉතා සමීපව සොයා බලා[…]

Read More »

ප්‍රශ්වාසයෙන් පිළිකාව හඳුනගන්න පුළුවන්ලු

ඕනෑම කාරණාවක් පිළිබඳව කල් තියා දැන ගන්නට බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. රෝගාබාධ සම්බන්ධව කල්තියා දැන ගන්නට දක්වන උනන්දුව මේ අතරින් වඩා වැඩියෙන් අහන්නට දකින්නට ලැබෙයි. වෛද්‍යවරුන්ගේ මෙන්ම පර්​ෙ ය්ෂකයන්ගේ ද නිරන්තර උනන්දුව වන්නේ එබඳු ඉඟි, එබඳු ක්‍රමවේද වැඩිවැඩියෙන් හඳුන්වා දෙන්නටය. නොඑසේව නූතන විද්‍යාවේ දියුණුව උපයෝගි කර ගනිමින් හැකිතාක්[…]

Read More »

පිටි කිරි වල ඌරුතෙල් තියෙනවාද?

අපි ක්ෂීරපායී සත්ත්වයෝ වම්හ. වර්තමානයේ අප ක්ෂීරපායී සත්ත්වයන් ගණයට අයත් වන්නේ මව්කිරි බී වැඩෙන නිසාම පමණක් නොව, ඊටත් වඩා සිය ගුණයකින් ජීවිත කාලයක් පුරා පිටි කිරි බොන නිසා යැයි කියන්නට පුළුවන් දත්ත සංඛ්‍යා ලේඛන අපට තිබේ. 2018 වසරේ කිරිපිටි මෙට්‍රික්ටොන් අනූනව දහසක් මෙරට ජනතාව වෙනුවෙන් ආනයනය කර ඇත. ඒ අනුව[…]

Read More »

විජය යාපනයේ සාම ගමනට එක්වූ හැටි

දශක තුනක් පුරා දිග්ගැසුණ ඊළාම් යුද්ධයේදී ඉස්මතු වූ චරිත රාශියකි. එම පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් සමග කතාබහ කිරීමට මෙන්ම අඩුම තරමේ දැක බලා ගැනීමට මා හට වාසනාව තිබිණි. ඒ අතර ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. ප්‍රධානීහු මෙන්ම දේශපාලනඥයන් වූ ජේ.ආර්. ජයවර්ධන, සිරිමා බණ්ඩාරනායක, ආර්. ප්‍රේමදාස, රෝහණ විජේවීර, ලලිත් ඇතුළත්මුදලි, ඇතුළු පිරිසක්[…]

Read More »
1 17 18 19 20 21 30