විශේෂාංග

රණසිංහ ප්‍රේමදාස සමග තොරණ ගැසූ හැටි

අත්සන නොමැතිව චිත්‍රය කාගේ දැයි සොයාගත හැකි අනන්‍යතාවක් ඇති චිත්‍ර ශිල්පියෙක් නම් ජයසිරි සේමගේය. ඩී. බී. ධනපාලයන් යටතේ චිත්‍ර ශිල්පියකු ලෙස ලංකාදීප හා දවස පුවත්පත්වලට පිවිසි සේමගේ ගැන මේ අසන්නට යන්නේ චිත්‍ර කලාව ගැන නම් නොවේ. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපම චිත්‍ර ශිල්පියා වූයේ ජයසිරි සේමගේය.[…]

Read More »

කුඹුක් ලී ගෙට දැම්මම සීතලද?

ගස්වල දෙවි දේවාතාවන් වැඩ වෙසෙතැයි යන විශ්වාසය අනාදිමත් කාලයක සිට අප ජන විඥානයේ පවතී. බෞද්ධ, හින්දු ආදී ආගමික සාහිත්‍යයන් මගින්ද මේ සඳහා ලැබෙනුයේ නොමඳ පිටිවහලකි. එහෙත් වෘක්ෂ දේවතාවන්, විමාන දේවතාවන් යනුවෙන් හැඳින්වෙන දේව ගණයා ගස්වල වැඩවාසය කරන බව පිළිගන්නා අපි එම ගස්වලට ඍජුවම දේවත්වයක් ආරෝපණය කිරීමට මැළි වන්නෙමු. එහෙත්, අපට[…]

Read More »

සබරගමු මහනිලමෙට කේලම් කියන අලි

ඉඳහිට ප්‍රචණ්ඩ ලෙස හැසිරුණ ද, හීලෑකර ගත් විට ‘අලි-ඇතුන්’ වූ කලී බොහොම සෙල්ලක්කාර හුරුබුහුටි සත්ව කොට්ඨාසයකි. හීලෑ අලින් ඇතිදැඩි කරන ඇතැම් ප්‍රභූ නිවෙස්වල කුඩා අලි පොව්වන්ගේ හුරතලය ගැන කතා එමට අසන්නට ලැබේ. කලකට ඉහත රත්නපුර ප්‍රදේශයේ එක්තරා වලව්වක, හීලෑ අලි ඇතුන් 16 දෙනෙක් පමණ උන්හ. උන්ගෙන් වැඩිහිටි සතුන් ‘ගෙදර’ එන්නේ[…]

Read More »

ලොග් පොත වසා දමා ඇප් එකෙන් මාළු ගොඩදාන හැටි

මුහුදේ ඉන්න මාළුන්ට ගොඩබිම ඉඳන් මිලක් නියම කළ හැකි ක්‍රමවේදයක් ඇතැයි කිවහොත් එය මුහුද හත්ගව්වක් තිබියදී අමුඩය ගහනවාටත් එහා වැඩක් යැයි ඔබට හැඟීයන්නට පුළුවන්. එහෙත් හත් ගව්වක් ඈත මුහුදේදී අල්ලන මාළුන්ගේ ඡායාරූප එවලේම ගොඩබිම මාළු වෙන්දේසි භූමියට එවිය හැකි තාක්ෂණය දැන් ශ්‍රී ලාංකික ධීවරයාට හඳුන්වා දෙමින් තිබේ. ඒ කියන්නේ අපේ[…]

Read More »

මරාගෙන මැරෙන බෝම්බකාරයන් උපදින හැටි

‘‘මිනිසා සහ තිරිසනා අතර පවතින බෙදීම දක්වන ප්‍රධානතම මායිම ආගමය’’ අදහස දැනට දශක කිහිපයක් දක්වා ලොව පුරා පැතිර ගත් එමෙන්ම බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක් වූ කියමනකි. එහෙත් අද වන විට සිදුවන කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා හමුවේ එම කියුමට පවා යන එන මං අහිමි වී තිබේ. ඊට හේතුව ඇතැම් ආගම් විසින් තිරිසනුන්ටත්[…]

Read More »

මව්බිමේ ආරක්ෂාව

මේ ගෙවුණ සතියේ සිනාසෙන්නට පුළුවන්, එසේම අඬාවැටෙන්නටද පුළුවන් එකවර දෙයාකාරයක හැඟීම් දනවන කතා ඇසීමට තරම් අපි අවාසනාවන්තයෝ වූයෙමු. ඒ කතා කළේ සෙස්සෝ නොව රටේ වගකීම භාරගත් ජනාධිපති, අගමැති සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාය. තොත්ත බබෙකුවත් නොකියන බොළඳ, මෝඩ, තකතීරු කතා කීවේ ආරක්ෂක ලේකම්වරයාය. මේ ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු භාර ගත්හ. එහෙත්[…]

Read More »

පිරිපහදු ජලය බීමෙන් වකුගඩු ආබාධ වලට වඩා දරුණු රෝග අවදානමක්?

කළුතර ප්‍රදේශයේ පානීය ජලයට මුහුදු ජලය මිශ්‍ර වීම  විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. කාලාන්තරයක් තිස්සේ  අනුරාධපුරයේ සිට  යාපනය දක්වා ජනතාව පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා.  ආණ්ඩුව උතුරු  නැගෙනහිර පළාත්වල නම් ප්‍රති ආස්‍රැතකරණ පිරිපහදු පද්ධති බෙදා  හරිනවා  පෙනුණත් කළුතර ප්‍රදේශයේ නම් එවැනි ව්‍යාපාතියක් ගැන සඳහන් වන්නේ  නැහැ.  ඇත්තටම මුහුදු ජලය[…]

Read More »

සිරුරේ දොස් ජලයේ දියකරන දෙහි කැපිල්ල

ඇස්වහ කටවහ හෝ අඬෝවැඩියා දෝෂ ගැන බොහෝ දෙනකුට ඇත්තේ බියකි. ගලෙන් ගැහුවොත් බේරෙන්න පුළුවන්, ඇස්වලින් ගැහුවොත් බේරෙන්න බෑ යන දමිළ කියමනට අනුව එහි බරපතළකම කොතෙක්ද යන්න හඳුනාගත හැකිය. කෙසේ නමුත් ඇස්වහ, කටවහ දෝෂයන්ට තමන් ගොදුරු වේය යන්නත්, තම දියුණුවට අනුන් අකුල් හෙළන්නේය යන්නත් බොහෝ දුරට ඇතැමුන් තුළ ඇති මති මනාත්තරයකි.[…]

Read More »

පණ්ඩුකාභය රජ දවස අපි කාපු බීපු හැටි

ශ්‍රී ලංකාවාසී මනුෂ්‍යයන් අදින් වසර 2400ක් හෙවත් ක්‍රිස්තු පූර්ව සියවසේදී පවා විවිධත්වයෙන් යුත් ශක්තිජනක ආහාර වේලක් අනුභව කළ බව, මෑතක කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. එකල විසුවෝ බත්, කුරක්කන් සහ ධාන්‍ය වර්ග මෙන්ම පොල් සහ ඉඟුරු ද සිය ආහාර වේලට එක්කර ගත් බව පර්යේෂණවලින් හෙළිවුණු සුවිශේෂීම කාරණයයි. මේ[…]

Read More »

කන්තලේ වැව් බැම්මේ ඛේදවාචකයට වසර 33 යි – විලිබිය නිසා ජිවිතයට ඇති ප්‍රේමය අතහැරී ප්‍රේමකුමාරි

එක්දහස් නවසිය අසූහය වසර නැගෙනහිර පළාතේ සිංහල ගම්මානවලට ත්‍රස්තවාදීන් විසින් පහර දෙමින් භීෂණය වපුරවමින් සිටි යුගයකි. ඒ නිසා නැගෙනහිර සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණයද අවම විය. මේ නිසාම වැව් බැම්ම කෙළවර වූ ලංකා හෝටල් සංස්ථාව මගින් පවත්වාගෙන ආ තානායමද වැසී ගොස් තිබුණි. එහි ශ්‍රී ලංකා යුද හමුදාවේ භට කණ්ඩායමක්[…]

Read More »

වැගන්ආර් ගණන් ගියා යැයි හූල්ලද්දී අපට අමතක ලංකාවේ හදාපු කාර්

මිනිසාගේ මූලික මිනිස් අවශ්‍යතා ලෙස අප පාසල් යන සංදියේ ඉගෙන ගත්තේ ආහාර, ඇඳුම් හා නිවාසය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් ලංකාවේ නම් මූලික අවශ්‍යතාවන් වෙනස් වී තිබේ. අද ලංකාවේ ජනතාවගේ මූලික මිනිස් අවශ්‍යතාව වනාහි ‘‘වැගන් ආර්’’ය. වැගන් ආර් යනු කුඩා මෝටර් රථයකි. අපේ හුදී ජනතාව නොකා නොබී හෝ ‘‘වැගන් ආර්’’ එකේ ෆිනෑන්ස්[…]

Read More »
1 8 9 10 11 12 30