නවතම ප්‍රවෘත්ති

කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරමේ තොරතුරු හෙළිවෙයි

කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ කිලෝ 90කට අධික හෙරොයින් තොගයේ ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අදාළ ජවාරමේ ප්‍රධානයින් ලෙස කටයුතු කළ ටර්ක්මෙනිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පෙරේදා (22) පස්වරුවේ කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන්[…]

Read More »

කිරලාගල නටඹුන් ස්ථූපය මත නැග ඡායාරූප ගත් සිසුන් අද අධිකරණය හමුවට

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් 7දෙනා අද (24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම තරුණයින් පිරිස ඊයේ (23) පස්වරුවේ අම්පාර සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී හොරොව්පොතාන පොලීසිය විසින් අත්අඩංගුවට[…]

Read More »

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඇ. ඩොලර් මිලියන 200ක ණයක්

ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය. යෝජිත ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ වන්නේ “රට තුළ තෝරාගත් ප්‍රාදේශයන්හි අධි අවදානම් සහිත ජනගහණ කාණ්ඩවල බෝ නොවන රෝග හඳුනාගෙන ඒවා පාලනය කිරීම සඳහා ප්‍රාථමික[…]

Read More »

වැරදි කරන රියදුරන්ට ඇමැති අර්ජුන අනතුරු අඟවයි

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට[…]

Read More »

ගුරුකන්ද විහාරයේ නිරාවරණය කළ බුදු පිළිමය ඉවත් කිරීමේ සැළසුමක්

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ අභිනවයෙන් නිරාවරණය කළ බුදු පිළිම වහන්සේ ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ සැලස්මක් පිළිබද තොරතුරු වාර්තා වේ. අස්ගිරි රජමහාවිහාරයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පිළිමය නිරාවරණය කළහ. පසුගිය 14දා මෙම විහාරස්ථානයට පැමිණි දෙමළ සංන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එහි කෝවිලක් ඉදිකිරීමට හා පොංගල් කිරිබත් සකස් කිරීමට[…]

Read More »

මහින්දානන්දගේ නඩු විභාගය මාර්තු 19 සිට ඇරඹෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මාර්තු මස 19 වනදා නැවත ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.කේ. පටබැඳිගේ මහතා ඉදිරියේ නඩුව අද (23) කැඳවනු ලැබුවා. එහිදී නඩුව මාර්තු මස 19 දා යළි විභාග කිරීම ආරම්භ කිරීමට විනිසුරු තීන්දු කළා.[…]

Read More »

සේනා මර්දනය කිරීමේ පර්යේෂණ සාර්ථකයි

සේනා දළඹුවා මර්දනය සඳහා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් පර්යේෂණයක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත් වුණා. සේනා දළඹුවා බඩ ඉරුඟු හා එළවළු වගාවන්ට පමණක් නොව මෙරට ප්‍ර‍ධාන කෘෂි භෝගය වන වී වගාවට ද හානි කරන බව කීට විද්‍යාඥයෝ සොයා ගත්තා. ඒ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන්.[…]

Read More »

චෝදනා වලට රෙජිනෝල්ඩ්ගෙන් උත්තර

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමඟ එක්ව පිහිටුවන නව දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට ගිවිසුමකට අත්සන් කර නොමැති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි. ඔහු මේ බව කියා සිටියේ තමන්ට එල්ල වන චෝදනාවන වලට පිළිතුරු ලබාදීමට කැඳවූ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Read More »

දරුවන් ආරක්ෂා කරගන්න සෑම පාසලකටම සුරක්ෂණ කමිටු

මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා සෑම පාසලකම සුරක්ෂණ කමිටු පිහිටු වීම අද ආරම්භ වනවා. ඒ පාසල්වල ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ 3 වන දිනයට සමගාමීවයි. අද දිනයේ ආරක්ෂක අමාත්‍යංශයේ දැනුවත් කිරීම් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙන් කර ඇතැයි ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේ.

Read More »

පාසල්වල වැඩ වලට දෙමව්පියන්ගේ මුදල් එකතු කිරීම නවත්වන්න – අකිල

පාසල්වල කටයුතු සඳහා පවසමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ජාතික පාසල් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරන අතර අමාත්‍යවරයා[…]

Read More »

හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වාට නොතිසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා වෙත නොතීසි නිකුත් කර ඇත. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද[…]

Read More »