නවතම ප්‍රවෘත්ති

විනිෂ්‍යකාරවරයෙකුට දුරකථන සංවාදයක් දුන්නේ නැති එකම අගමැති රනිල් – තලතා

අද දවසේ අධිකරණයේ ස්වාධිනත්වය ගැන ගොඩක් කතා කරනවා. අධිකරණයේ ස්වාධිනත්වය ඇති කරන එකේ වගකීම තියෙන්නේ අපිට විතරක් නෙමෙයි. රටේ විධායක හැටියට අතිගරු ජනාධිපති තුමාට විශාල වගකීමක් තියෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසීය. අමාත්‍ය තුමිය මේ බව පැවසුවේ වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ ඉදි කරනු ලබන නව[…]

Read More »

සාකච්ඡා අසාර්ථකයි – රේගු වර්ජනය තවදුරටත්

රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. මුදල් අමාත්‍යවරයා සමග අද (01) පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවයි රේගු වෘත්තිය සමිතිය සදහන් කළේ. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත්[…]

Read More »

ජාතික ආණ්ඩුවක් බිහි කර ඇමතිධුර වැඩි කිරීමේ යෝජනාවක් කථානායකට බාර දෙයි

ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත භාර දී තිබෙනවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද උදෑසන එම යෝජනාව කථානායකවරයා වෙත භාර දුන් බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ. පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක්[…]

Read More »

ගෙවුණු දින දෙකට රේගුවේ පාඩුව රු.කෝටි 600යි – ඩි.වී චානක

ගත වූ දින දෙක තුළදී ශ්‍රී ලංකා රේගුවට පාඩු වී ඇති මුදල රුපියල් කෝටි හයසීයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අද (01) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. සේවයට සුදුසු නොවන පුද්ගලයින් පත් කර නොගැනීම හේතුවෙන් වර්තමානය වන විට අර්බුදයක් ගොඩනැඟී ඇති බව මන්ත්‍රීවරයා පැවසූ අතර එම අවස්ථාවේ පාර්ලිමේන්තු[…]

Read More »

ශ්‍රී.ල.නි.ප ජනපති අපේක්ෂක ජනපති මෛත්‍රී – දුමින්ද

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කළ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේදී අනුමැතිය හිමි වී ඇත.

Read More »

එජාපය ස්ථාවරත්වය ගැන සිතා බලන්නේ නැහැ – විජිත

එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගා ජාතික ආණ්ඩු පිහිටුවීමට සැරසෙන්නේ රටේ ස්ථාවරත්වය පිළිබඳ සිතාබලා නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read More »

ජනාධිපතිවරු වෙන්න කට්ටිය පොර කෑවට රටේ ප්‍රශ්න ගැන අවබෝධයක් නෑ

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී එසේත් නැත්නම් සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන නම් ඉවත්කර ශ‍්‍රී ලංකා ජනරජය නමින් හැඳින්නුවහම හොඳටම ඇති කියා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළකර සිටියේ මාතර වැලිගම වෙරළ උද්‍යානය නිරීක්‍ෂණ චාරිකාවකට සහ නාගරික සංවර්ධන මඟින් ඉදිකරන ලද නව මාළු වෙළඳසැල්[…]

Read More »

රනිල්ගේ පුටුව ගැන විභාග කිරීම 12 වෙනිදා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම විභාග කිරීම ලබන 12 වන දක්වා කල් තබා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කොළඹ නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ගොනු කළ එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමා සහිත ලේක්හවුස් ප්‍රින්ටින්[…]

Read More »

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නෝර්වේජියානු රජයේ තාක්ෂණික සහාය

නෝර්වේජියානු රජය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, නෝර්වේ රජයේ තානාපති Thorbjorm Gaustadsaether මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව මේ වනවිට විදුලි උත්පාදනය වෙනුවෙන් යොදාගනු[…]

Read More »

දිගම්බරන් වතු කම්කරුවන් වෙනුවෙන් අගමැති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවු නිසා දමිළ ප්‍රගතිශිලි සන්ධානය අද (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තිරණාත්මක සාකච්ඡාවක නිරිත වීමට නියමිතය. කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ඒ බව පැවසු අතර තම දේශාපාලන ඉදිරි ගමන පිළිබඳව අමාත්‍යවරයා සභාපති ධුරය දරන[…]

Read More »

සාලියවැව සිව් හැවිරිදි දැරියක් අතුරුදහන්

පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතර හමාරක දැරියක් දින කිහිපයක සිට අතුරුදන්ව තිබෙනවා. දැරිය සොයා පසුගිය දෙදින පුරා පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන අතර මේවන තෙක් දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි සාලියවැව පොලීසිය පවසන්නේ. පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතරහමාරක දැරියක් මෙසේ පසුගිය[…]

Read More »