නවතම ප්‍රවෘත්ති

හෙට සිට බොහෝ ප්‍රදේශ වලට වැසි සහිත කාලගුණයක්

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් හෙට[…]

Read More »

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු මාට්ටු

ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් රුපියල් 5000 සහ 1000 නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද(10) අලුයම චාවකච්චේරි පොලිසියට ලැබුණු තොරතුරක් මත කයිනඩි ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් දෙදෙනා සතුව තිබු ව්‍යාජ මුදල් නෝට්ටු (5000) 20ක් සොයාගෙන ඇත. සැකකරුවන් දෙදෙනා නෙදුන්කර්නි පදිංචිකරුවන්[…]

Read More »

11 වසරේ සිසුවියක් අපයෝජනය කල අයෙක් පොලිස් අත්අඩංගුවට

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු පහලොවක පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කල සැකකරුවකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු විසින් දැරිය දෙමාපියන් නිවසෙව් නොමැති අවස්ථාවක නිවසට පැමින සැකකරුගේ නිවස වෙත කැදවාගෙන ගොස් ඇත. පසුව දැරියගේ මව විසින් පොලිසියට සිදු කල[…]

Read More »

දයාසිරි නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පෙරවරුවේ වැඩ ආරම්භ කළා. ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ එම අවස්ථාවට එක්වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම්[…]

Read More »

ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට

කුඩා ප්‍රමාණයේ ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකුව සැකපිට හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 09 වැනිදා රාත්‍රීයේ හලාවත – වට්ටක්කල්ලිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් අය අතර යාපනය සහ හලාවත පදිංචිකරුවන් සිටින බව පොලීසිය කියයි.ඔවුන් වයස අවුරුදු 20 – 40 සීමාවේ පසුවන අයවළුන්[…]

Read More »

ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

යතුරු පැදියකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආරච්චිකට්ටුව පොලීසියට බාර දී ඇත. පසුගිය 09 වැනිදා සවස ආරච්චිකට්ටුව – රජකදළුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරුවන් සතුව තිබී ගංජා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 740 ක්ද වැටලීම කළ නිලධාරීන් විසින්[…]

Read More »

කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු මියයයි

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතෙන් ඉදි කෙරෙමින් තිබූ ‍ක්‍රිඩා මන්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු 09 දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගල්කිරියාගම බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි එල් .කේ .පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක නැමැති මෙවර අ පො ස[…]

Read More »

තියුණු ආයුදයකින් පහර දී පියා මැරු පුතා අත්අඩංගුවට

සියඹලාණ්ඩුව, පීල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 96ක් වන ඩී.ජී කොරනේරිස් නැමති පස් දරු පියෙකු වන අතර මෙසේ ඝාතනයට ලක් වී ඇති පුද්ගලයාගේ පුත්‍රයකු විසින් මෙම[…]

Read More »

දුම්රියේදී ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු මාට්ටු

දුම්රියේදී ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු දෙහිවල දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 43 හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ජංගම දුරකථන 50 ක් පමණ දුම්රිය මගීන්ගෙන් සොරකම් කර ඇති බවයි.

Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම හෙට

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (11දා) පෙරවරු 10.30 ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතීත්වය දරණ මෙයෙහුම් කමිටුව වෙත ඉදිරිපත් වු විද්වත් කමිටු වාර්තාව හෙට (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු[…]

Read More »

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් තරුණියන් දෙදෙනෙකුට මරුට

කොළඹ, අවිස්සාවේල්ල මාර්ගයේ පාදුක්ක, මාවතගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි. ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන කොස්ගම සහ වැලිකන්න ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

Read More »