නවතම ප්‍රවෘත්ති

රේගු වැඩ වර්ජනය නිසා පිටකොටුවේ සියලු තොග වෙළඳසල් වසා දැමේ

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 07 වන දිනටත් ක්‍රියාත්මක වනවා. රේගු නිලධාරීන් පෙන්වා දෙන්නේ සතියක කාලයක් ගත වී ඇතත් මේ දක්වාත් තම ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන නොමැති බවයි. අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කිරීමට ගනු ලැබූ කැබිනට් තීරණය අද දිනය තුළ නිවැරදි නොකළ[…]

Read More »

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීම සිදුකරනු ඇති. මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව වූ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මේ සතියේ විවාදයට ගන්නා දිනය පිළිබඳව ද අද පක්ෂ නායකයින්[…]

Read More »

පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් – ජනපති

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය. කොළඹ ගාලු මුවදොරදී අද (04) පැවැති ජාතික නිදහස් දින උත්සවය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර වර්තමානයේ වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට,[…]

Read More »

මාලි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරීන්ගේ දේහ දිවයිනට ගෙන එයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ දේහ අද පස්වරුවේ දිවයිනට ගෙන ඇත. තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන්ගේ දේහ දිවයිනට රැගෙන ආ අතර ජගත් සාම සාධක හමුදාවල රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික භට පිරිසක් ඉලක්ක[…]

Read More »

පුත්තලමේ දැරිය ඝාතනය සම්බන්ධව මව අත්අඩංගුවට

පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දියණිය ඝාතණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මව අත්අඩංගුවට ගෙන ඇත. තමන් විසින් දියණිය ඝාතණය කර කලා ඔයට දැමු බවට ඊයේ(03) ඇය පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණු අතර දියණිය සෙවීමේ කටයුතු පොලීස් සහ නාවික හමුදා නිලධාරීන් විසින් කලා ඔයේ ඕලුමඩු ප්‍රදේශයෙන් ආරම්භ කලද මෙතෙක් දියණියගේ[…]

Read More »

විපක්ෂය ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක – රවීන්ද්‍ර සමරවීර

නව ව්‍යවස්තාවක් ගැන කියමින් විපක්ෂය රටේ නැවතත් ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක නිරත වෙමින් සිටිනවායැයි කම්කරු හා වෘත්තිය සමිති සබධතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසිය. ඒ මහතා මේ අදහස් පල කලේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධව විපක්ෂය කරන චෝදනා වලට වැලිමඩ ප‍්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අමාත්‍ය වරයා වැඩි[…]

Read More »

බය නැතිව තීරණ ගන්නවා – අකිල

අධ්‍යාපනය සම්බන්ධයෙන් නොබියව තීරණ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බිංගිරිය, හල්මිල්ලෑව මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවසයි. ඉදිරි මාස කිහිපය තුළ ශිෂ්‍ය උපදේශකයින් බඳවා ගැනීමට පියවර ගන්නා බව එම අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More »

රේගුවේ වර්ජනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ සහය

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති 14 ක් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි. හෙට දිනයේදී ඊට සහය පළ කරමින් කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය මෙන්ම වාප්පු ලිපිකරුවන්ද සේවා කටයුතුවලින් ඉවත්වීමටයි තීරණය කර ඇති බව වාර්තා වන අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව[…]

Read More »

අධීක්ෂණ මන්ත්‍රීවරු අමාත්‍යාංශ ලේකම්වරුන්ට හිසරදයක් වෙති

අමාත්‍යාංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සලසන ලෙසට ඇමැතිවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිදුකරන බලපෑම් නිසා අමාත්‍යාංශ ලේකම්වරුන් දැඩි අසීරු තත්ත්වයට පත්ව ඇත. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් එක් එක් අමාත්‍යංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම්, වාහන හා අනෙකුත් පහසුකම් ලබාදෙන ලෙසට[…]

Read More »

STF ලොක්කා ගියොත් වැඩ කොට උඩ – නිලධාරීහු කියති

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සේවා දිගුවක් නොදී විශ්‍රාම යැවීමට කටයුතු කළහොත් දැනට ඔහුගේ නායකත්වයෙන් සිදුවන පාතාල මර්දන කටයුතු හා මත්ද්‍රව්‍ය වැටලීම් සියල්ල කඩාකප්පල් වනු ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු අනතුරු හඟවති. එම්.අාර්. ලතිෆ් මහතා යටතේ පාතාල මර්දන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව[…]

Read More »

ක්ලේමෝ බෝම්බයක් සමග දකුණේ පාතාල කල්ලිය අතුරුදන්

යළි හිස ඔසවන්නට වෙර දරන එල්ටීටීඊයට සහාය දෙන කොළඹ පාතාල කණ්ඩායමක් කිලිනොච්චියේ වට්ටකච්චිහි වළ දමා තිබූ දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බයක් රැගෙන අතුරුදන් වී ඇතැයි හෙළි වී ඇත. මෙම දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බය දකුණේ විනාශයක් සඳහා රැගෙන ගියේද, එසේත් නැතිනම් කොටින්ගේ ආරක්ෂිත නිවස්නයක සඟවන්නට රැගෙන ගියේද යන්න පිළිබඳ බුද්ධි අංශ පුළුල්[…]

Read More »