නවතම ප්‍රවෘත්ති

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක

කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සියලුම වෛද්‍යවරුන් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට (25) උදෑසන 8.00 තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇති. එම සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අද (24) පස්වරුවේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවයි.

Read More »

පොලිස්පතිගේ පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා

අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් පෙත්සම ලබන මස 31 වන දා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. මෙම පෙත්සම අද ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන[…]

Read More »

ජනපති හා අගමැති විශේෂ කාරක සභාව හමුවට ගෙන ඒමට තීරණයක්

පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්[…]

Read More »

දිවයිනේ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයව වැඩිවෙයි

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ත්‍රිකුනාමලය සිට පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට[…]

Read More »

පොලිස්පති පුජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යෑමට එරෙහිව පුජිත් ජයසුන්ර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ය.

Read More »

රාජිතට ජනපතිවරණයට තරඟ කිරීමට ඇරයුම්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන්නැයි උන් වහන්සේ කී බවත් සඳහන් කළේය. ඒ අවස්ථාවේදී ඇමතිවරයා තමා මුදල් උපයා නැති නමුත් මිනිසුක් හම්බ කරගෙන ඇති[…]

Read More »

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7 .3 ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙත ද දැනී ඇති බවයි. කෙසේ වෙතත් භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර නොමැත. භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More »

ජනපතිවරණයට ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනවා නම් අපේ සහය දෙනවා

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඊයේ (23)දින ඒ මහතා එසේ සඳහන් කළ අතර එහෙදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය වතුකරයේ ජනතාවට පමණක් නෙවෙයි රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා එතුමා ලංකාවේ සියලුම ජනතාවට උදවු කළා. විවිධ වැඩ කොටස් රැසක් සිදු කළා. ගෙවල් හදලා දුන්නා. විසිපන් දහසක් ගුරුවරු පත් කළා. පාසල්[…]

Read More »

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ (23) පස්වරුවේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාප්ප්‍රාප්ත වී ඇත. ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය මිය යන විට 83වන වියේ පසු වූ අතර ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිඳය.

Read More »

කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියා සහ දියණියන් දෙදෙනෙකු මරුට

කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියෙකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇති බව කිරින්ද පොලිසිය සඳහන් කරයි. යාල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම පිරිස හෝටලය පිටුපස මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර සිද්ධියෙන් දිවි ගලවාගත් මව තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත්[…]

Read More »

ඉන්දියන් හමුදාව යාපනය රෝහල ලේ විලක් කළ හැටි

අප නිවස පිහිටා තිබුණේ වව්නියාව රෝහලට යාබදව බැවින් අවට සිදුවන ගැටුම්, කෝලාහල පිළිබඳව තොරතුරු මා හට ඉක්මනින්ම ලැබුණේය. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමේදී එය මට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් විය. නමුත් ගෙදර අයට රෝහලට යාබදව අපගේ පදිංචිය තිබීම ප්‍ර‍යෝජනවත් වූයේ වෙන කිසිවක් නිසා නොව රෝහල නිසා අපට ලැබුණ ආරක්ෂාව හේතුවෙනි. ‘‘මොනවා හරි[…]

Read More »