නවතම ප්‍රවෘත්ති

බෝට්ටුව නැවක ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ පවුල් වලට වන්දි මුදල් පිරිනැමේ

ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්‍ෂණ වන්දි ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද (08)දින සිදු කෙරිණ. මෙලෙස රක්‍ෂණ වන්දි ලෙස එක් ධීවරයෙකු වෙනුවෙන් රුපියල්[…]

Read More »

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

2019 වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එය රජයේ පොදු සේවාවන් සඳහා රුපියල් බිලියන 2312 ක්, රාජ්‍ය ණය සේවාකරණය, වැන්දඹු හා අනත්දරු[…]

Read More »

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක දැනුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකවරයා වශයෙන් පිළිගන්නා බවත් ඊට තේරීම් කාරක සභාවක් පත්කළ නොහැකි බවත් කථානායකවරයා විසින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී දැනුම් දී ඇත.

Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර දිව්රුම් දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර මීට සුළු මොහොතට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පත්වීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනක් හිස් වූ අතර ඒ සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.

Read More »

අද සිට ලබන 17 දක්වා වසා දැමේ

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා අද සිට 17 වැනි දින දක්වා පාසල් 4 ක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් අද සිට වසා තැබෙනවා. ඇගයීම්[…]

Read More »

බදුල්ල මහ රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක

බදුල්ල මහ රෝහලේ සුළු සේවකයින් අද(08) දින තම රාජකාරියෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතව සිටී. රෝහල් අභ්‍යන්තර ස්ථාන මාරුවීම් පිළිබඳව පැන නැගී ඇති ගැටලූවක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ. තම වෘත්තීය සමිතීන්ගන් කිසිදු විමසීමක් සිදු නොකර රෝහල් බළධාරීන් සිය හිතුමතේට අභ්‍යන්තර ස්ථාන මාරුවීම් සිදුකරන බවත් එම තත්වය[…]

Read More »

දකුණු පළාත් සභාව උණුසුම් වෙයි

දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා ජවිපෙ කීවේ තමාගේ මුල්‍ය ප්‍රතිපාදන යොදවා සකස් කරන්නට යෙදුණු පෙර පාසලකට මුදල් දෙන්නට නොහැකි වී තියනවා. මේ සම්බන්ධයෙන් පවසනාවාත් සමඟම ඇතිවුයේ මහා ගාලගෝට්ටියකි. (ඝෝෂා කිරීම්) පොහොට්ටුව කියමින් නලින් හේවගේ මහතා පවසනවා සමඟම ඇතිවුයේ ඝෝෂා කිරිමකි.ඒ අනුව එජනිස, එජාප, ජවිපෙ මන්ත්‍රීවරු අතර ඇතිවුයේ ඝෝෂාකාරි[…]

Read More »

මුල්ලේරියායාවේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදියක් සොයාගැනේ

මුල්ලේරියායාවේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරනු ලබන ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟ අසබඩ තොටුපලක් අසල දමා ගොස් තිබියදී සොයාගැනේ. වැල්ලම්පිටිය පොලීසිය විසින් ඊයේ(07) රාත්‍රීයේ දීඑම යතුරුපැදිය සොයාගෙන ඇති අතර මෙම අපරාධය සඳහා එම යතුරුපැදිය සම්බන්ධද යන්න පිළිබඳ පොලීසිය විසින්[…]

Read More »

යටිනුවර විදියේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී

මහනුවර යටිනුවර වීදීය ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන ඇත. එම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 4 ක් පිටත් කර යවා ඇති අතර එම ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටි බවත් පොලිසිය සඳහන් කරයි. මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ[…]

Read More »

ලග්ගල නව නගරය ජනතා අයිතියට පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව්වවසරක පදවි ප්‍රාප්තියට සමගාමීව ලග්ගල හරිත නගරය ජනපති අතින් මීට සුළු වේලාවකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා. නව පාසල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිස් ස්ථානයක් ඇතුළු අංග ගණනාවකින් නව නගරය සමන්විත වනවා. එම සියලුම ගොඩනැගිලි අද දිනය තුළ ජනපති අතින් විවෘත කිරීමට නියමිතයි. ලග්ගල නව[…]

Read More »

දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලයි

මුලතිව්,පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ බුරුත දැව කපා දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලා බුරුත දැව තොගයක් හා ලොරි රථයක් ඊයේ(07) අත්අඩංගුවට ගත් බව මුලතිව් අඩවි වන කාර්යාල නිළධාරීන් පවසයි. මුලතිව් අඩවි වන කාර්යාල නිළධාරීන් පැවසූවේ ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු මන්නාකණ්ඩල් ප්‍රදේශයේ සිදුකළ ‍මෙහෙයුමකදී බුරුත දැව පැටවු[…]

Read More »