නවතම ප්‍රවෘත්ති

කුලියට ගත් වාහන උකස් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

මසික කුලී පදනම මත නවීන පන්නයේ වාහන ලබා ගෙන ඒවා දිවයිනේ විවිධ ප්‍රදේශවලට උකස් කිරීමේ ජාවාරමක් කරගෙන ගිය සැකකරුවකු ප්‍රදේශ තුනක උකස් කර තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා වාහන තුනක් සමග අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (17වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20වැනිදා[…]

Read More »

මෙට්ට විකුණන මුවාවෙන් ගංජා විකිණූ 4ක් අත්අඩංගුවට

මෙට්ට විකුණන මුවාවෙන් කුඩා ලොරි රථයක පැටවූ මෙට්ට තුළ සගවාගෙන ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් හතර දෙනකු කිලිනොච්චිය, අම්බාල්කුලම ප්‍රදේශයේදී ඊයේ (17වැනිදා) කිලිනොච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙ‍යවයි.

Read More »

යතුරු පැදි – කැබ් ගැටී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරුට

‍ගල්ගමුව සති පොළ ඉදිරිපිට දී ඊයේ (17)රාත්‍රි නමයයි පහළොවට පමණ සිදු වු රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අනුරාධපුරය දෙස සිට පැමිණි යතුරු පැදියක් හා පාදෙණිය දෙස සිට පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ[…]

Read More »

කල්පිටියේ දී ධීවර පිරිසකට පහරදුන්නැයි නාවික හමුදාවේ දස දෙනෙක් අත්අඩංගුවට

කල්පිටිය – කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවුක හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරි‍යකු ඇතුළු සෙබළු දස දෙනකු කල්පිටිය පොලීසිය මගින් අද (17වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස කල්පිටිය විජය නාවුක හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ පිරිසක් බව අනාවරණය වී තිබේ. පසුගිය 14 වැනිදා මෙම පහර දීම සිදුවී ඇති අතර […]

Read More »

ඇත් ප්‍රහාරයෙන් මියගිය අලියාට, අලි රංචු පිටින් පැමිණ අවසන් ගෞරව දක්වති

කලාවැව ජාතික උද්‍යානයේ සිටි අලි රැලක නායකයකු වන  අලියකුට  ඇතෙකු  විසින් ප්‍රහාරයක් එල්ල කොට මරා දමා තිබේ.  මරාදැමූ  රැහේ නායකයාට  අවසන් ගෞරව දැක්වීම සදහා වන අලි රංචු පිටින් පැමිණ සංවේගයට පත්වන  අයුරු ඊයේ (16වැනිදා) කලාවැව ජාතික උද්‍යානයේ දී දැකගත හැකි විය. කලා වැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින[…]

Read More »

පොලිස්පති නියෝගයෙන් නාලක සිල්වාට මාරුවක්

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසියේ තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ අවසරය මත බව වාර්තාවෙයි. නාලක[…]

Read More »

රවිගේ සේවයට නාවික භටයන් 126ක් හා වාහන 19ක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න  නාවික හමුදා සාමාජිකයන් 126 දෙනකුගේ සේවය හා නාවික හමුදා වාහන 19 ක් භාවිතා කරන බව නාවික හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වශයෙන් 86 දෙනකු යොදාගෙන ඇති බවත් ප්‍රවාහන සංචිතය වශයෙන්  29 දෙනකු යොදාගෙන ඇති බවත් වාර්තාවෙයි. ආරක්ෂක[…]

Read More »

ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිකළ නාමල් අද සීඅයීඩීයට

මාකදුරේ මදුෂ්  නමැති පාතාල නායකයා යොදවා  ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේන හා  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝතනය කිරීමටකුමන්ත්‍රණය කළ බව කියන  ත‍්‍රස්තවාදී විමර්ශන  ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ දුෂණ වීරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද ( 17වැනිදා) අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සහකාර පොලිස්[…]

Read More »

සහසක් නිමැවුම් ප්‍රදර්ශනය 16 වැනිදා දක්වා

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරන සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය සහ තරගාවලිය පසුගිය 14 වැනිදායින් ඇරඹී මෙම 16වැනිදා දක්වා තෙදිනක් පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ඡායාරූපය – ප්‍රදීප් දඹරගේ

Read More »

නියඟයෙන් බැටකන පවුල්වලට මසකට 5000ක දීමනාවක්

පවතින දැඩි නියඟයත් සමග ජීවනෝපාය අඩපණ වී ඇති පවුල් සඳහා මසකට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට සංගණනයක් මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරණ මහතා පැවැසීය. ඊට අමතරව නියඟය බලපා ඇති දිස්ත්‍රික්ක 16ක පවුල් ලක්ෂ දෙකකට අදාළ ජල මූලාශ්‍ර සොයාගැනීම සඳහා වූ වගා ළිං කැපීමට[…]

Read More »