ගොසිප්

ඒකට තව කල් තියෙනවා – ඒක හොඳම වෙලාවට වෙයි

විපක්ෂ නායක මහින්ද ද පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ රැස්විමක් කැඳවා තිබුණි. ඒ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුවය. වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි. රැස්වීම පැවත්වූයේ විජේරාමයේ පිහිටි මහින්දගේ නිල නිවසේය. ‘‘ජනාධිපතිවරණය ළඟ ළඟම එනවා… අපි සූදානම් ශරීරයෙන් ඉන්න ඕන… අපේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මන්ත්‍රීවරුන්[…]

Read More »

නාමල්ට මංගල සීනු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ බලය මහින්දට පැවරුණේ ය. ඒ සියල්ලන්ගේ ම ඒකමතික තීරණයක් අනුව ය. මෙම රැස්වීමෙන් පසුව පැවති තේ පැන් සාදයේ දී එළඹෙන සැප්තැම්බර් 17 වැනිදාට යෙදී තිබෙන නාමල් රාජපක්ෂ ගේ ‘විවාහ මංගල්‍ය’ ගැන ද කතාබහ කෙරුණි. නාමල්ගේ මනාලිය ‘තිලක් වීරසිංහ’ නමැති[…]

Read More »

චමින්ද – හරීන් ගැටුම උත්සන්න වෙයි – හරීන්ට බදුල්ලෙන් ඡන්දය ඉල්ලන්නට ඉඩ තියන් නැහැ චමින්ද කියයි

අඟහරුවාදා පාර්ලිමේන්තු සැසියේ දී එජාප පසුපෙල මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ලේ එජාප ප්‍රබලයෙකු පිළිබඳ කරන්නට නියමිත වූ ‘විශේෂ ප්‍රකාශය’ ද සිදුවූයේ නැත. ඒ එජාපයේ ප්‍රබලයින්ගේ ‘දැඩි අවවාද’ මත ය. කෙසේවෙතත්, ‘එම ප්‍රකාශය’ සිදුවිය යුතුව තිබුණේ, ‘හරීන් ප්‍රනාන්දු’ ඇමතිවරයාට එරෙහිව ය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු සැසියේ ආරම්භක දිනයේ දී පාර්ලිමේන්තු ලොබියේදී හමුවූ එජාප[…]

Read More »

කබීර් හලීම් නැවත දිවුරුම් දීම ගැන රනිල් දැනගත්තේ ‘නිවුස් ඇලට්’ එකෙන්

පසුගිය අඟහරුවාදාවේ දී ම තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ රිෂාඩ් බද්‍යුදීන් සමඟ ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යළිත් ඇමතිවරුන් වශයෙන් දිවුරුම්දීම ය. මේ අය දිවුරුම් දුන්නේ කැබිනට් රැස්වීමෙන් පසුව ය. යම්තාක් දුරට ‘රහසිගත ආකාරයට’ ය. ඒ වන විටත් ‘සිරිකොතේ’ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ද පැවැත්වෙමින් තිබුණි.[…]

Read More »

අපි දැනට පිට්ටනිය හදමු අපේක්ෂකයා ඇවිත් ලස්සනට ඒ පිට්ටනියේ සෙල්ලම් කරලා ‘කප් එක’ ගහයි

ළඟ එන මහ මැතිවරණය වෙනුවෙන් ‘පොදු ජන පෙරමුණ’ ද ලහි ලහියේ සූදානම් වන බව පෙනේ. ප්‍රසන්න රණතුංග පසුගිය මැතිවරණවල ජයග්‍රහණ ප්‍රතිශත සසඳමින්, ගණන් හදමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ‘පොදුජන පෙරමුණට’ දිනාගතහැකි ඡන්ද සංඛ්‍යාව පුරෝකථනය කරගැනීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් ‘ගණන් හදමින්’ සිටී. ඒ අනුව මේ දිනවල ප්‍රසන්න අතේ වැඩිපුරම ගැවසෙන්නේ ‘කැල්කියුලේටරය’කි. වාහනයේ[…]

Read More »

ජනතාවට පුළුවන් තමන් කැමැති ආණ්ඩුවක් ආයේ පත් කරගන්න – මහින්ද

අඟහරුවාදා කැබිනට් මණ්ඩලය රැස්නොවීම සම්බන්ධයෙන් ‘පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්’ අතර ද සාකචඡා විය. ඒ ප්‍රසන්න, පියල්, ලන්සා, සනත් ඇතුළු පිරිසක් බදාදා දිනයේ විජේරාම පෙදෙසේ පිහිටි විපක්ෂනායක මහින්දගේ නිල නිවසේදී හමුවූ අවස්ථාවේ දී ය. ‘‘කිව්ව විදියට ම ජනාධිපතිවරයා මේ සතියේ කැබිනට් මීටින් එක තිබ්බෙ නෑනෙ… මට පේන හැටියට අගමැති-ජනපති ගැටුම දැන් බරපතළ තැනකට[…]

Read More »

මමත් වගඋත්තර වෙලා තියෙන්නේ – ජනපති

ඉකුත් සතිය ආරම්භයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවෙන් ‘වැඩබලන පත්වීම්’ සඳහා නාම යෝජනා තුනක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණේය. ඒ අදාළ තනතුරුවලට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන අය ‘වැඩබලන ඇමතිවරුන්’ ලෙස පත් කරන ලෙස ය. කෙසේවෙතත් ඔවුන්ව අදාළ තනතුරුවලට පත් කරන්නට අකමැති වූ ජනාධිපතිවරයා[…]

Read More »

ජනාධිපතිතුමා කියපු කතාව සැලකිල්ලට ගත යුතු වැදගත් ප්‍රකාශයක්

ඉවත් වෙච්ච අපේ මුස්ලිම් ඇමැතිවරු වෙනුවට අලුත් අය පත් කරනවදැ’යි මුජිබර් රහුමාන් ඇසුවේ ද අගමැතිවරයාගෙනි. “ මාසයක් ඇතුළත පරීක්ෂණ ඉවර කරනවා… පරීක්ෂණවලදී චෝදනා ඔප්පු වීම හෝ යම් සැක සහිත කරුණු මතු වූණොත් ඕනම කෙනෙක් ගැන තීන්දු ගන්නවා… චෝදනා ඉදිරිපත් කරන්න විශේෂ පොලිස් ඒකකයකුත් දැම්මා… චෝදනා කරපු දේශපාලකයොයි, ජනමාධ්‍යයි, අනිත් අයයි[…]

Read More »

මුස්ලිම් ඇමැතිවරු ඔක්කොම ඉවත් වුණේ ඇයි කියල මිනිස්සු අහනවා

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා පාර්ලිමේන්තු ගියේ එදින සභාවාරයට සහභාගී වීම සඳහා ය. ඔහු යනවිට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුම පැමිණ සිටියහ. “ අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු, දළදා මාලිගාවට ගහපු කරුණා පහුගිය ආණ්ඩුවට එකතු කරගන්න කොට උපවාස නොකරපු, කෑගැහුවේ නැති හාමුදුරුවරුන් මුස්ලිම් ඇමැතිවරුන්ට විතරක් විරුද්ධ වුණ එකනෙ පුදුමෙ…’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල[…]

Read More »

මොකක්ද අර කැබිනට් එකේදි කිව්වයි කියන්නේ

බදාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තුන්බෝවිල ධම්මරතන හිමියන්ට ප්‍රධාන සංඝනායක ධුරයක් පිරිනැමීමේ අක්තපත්‍ර ප්‍රදානයේ දී යළිත් වතාවක් මෛත්‍රී – මහින්ද මුණගැසුණේ ය. ඒ වන විටත් ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බවත්, මහින්දට යළිත් සහාය නොදෙන බවත් මෛත්‍රි කැබිනට් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළ බවට ප්‍රවෘත්තියක් පැතිරෙමින් තිබුණි. ‘‘මොකක්ද අර කැබිනට් එකේදි[…]

Read More »

ඇමති ධූර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් පා. මන්ත්‍රීවරුන් හෙට විපක්ෂ නායක හමුවීමට තීරණය කරයි

පසුගිය 03 වැනිදා ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනා හෙට (08) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර තිබේ. හෙට (08) උදෑසන 10.00ට මෙම හමුව සිදුවීමට නියමිතයි. මේ අතර එම මුස්ලිම් මන්ත්‍රීවරුන් කණ්ඩායම ලබන සතියේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමට ද නියමිතයි.

Read More »