ක්‍රීඩා

කිලිනොච්චියේ පාරම්පරික තිරික්කල් රේස් තරඟයක්

කිලිනොච්චිය පූනකරි ප්‍රදේශයේදී හින්දු ජනතාව සිදුකරනු ලබන පාරම්පරික තිරික්කල් තරඟයක් ඊයේ 19 දින පවත්වනු ලැබීය. දමිළ ජනතාව ගොවිතැන් නිමා කිරීමෙන් අනතුරුව සිය විවේක කාලය ගත කිරීම වෙනුවෙන් පාරම්පරික තිරික්කල් තරඟ පැවැත්වීම සිදුකරනු ලබයි. පූනකරී නල්ලූරි ප්‍රදේශයේ තිරික්කල් තරඟ සංවිධානය කරන සමිතිය විසින් තරඟය සංවිධානය කොට තිබිණි. යාපනය කිලිනොච්චිය මන්නාරම මුලතිව්[…]

Read More »

ශ‍්‍රී ලංකා ධජය සුසන්තිකාගෙන් දිනූෂාට

මෙවර 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව දිනූෂා ගෝමස්ට හිමිව තිබේ. ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගෙන් පසුව ආසියානු ක‍්‍රීඩා උළෙලකදී ශ‍්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව හිමිව ඇති ක‍්‍රීඩිකාව ඇයයි. ඒ අනුව ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (18දා) ප.ව. 5.30 ට පමණ ඉන්දුනීසියාවේ ජෙලොරා බන්කර්නෝ ක‍්‍රීඩාංගණයේදී ආරම්භවන[…]

Read More »

ආසියාවේ මහා ක‍්‍රීඩා මංගල්‍යය හෙට ඇරඹෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඉතිහාසගත සහභාගීත්වයක් ආසියානු ක‍්‍රීඩාවේ බලපෙරළිකාරයන් කවුරුන්දැයි යන වග තීරණය කරන 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල හෙට (18දා) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වේ. තරගාවලියේ සමාරම්භක උළෙල පමණක් හෙට දිනයේ සිදුවන අතර නිල වශයෙන් ඉසව් ආරම්භවීම අනිද්දා සිදුවේ. සැප්තැම්බර් 2 දා දක්වා ක‍්‍රියාත්මක මෙම ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය[…]

Read More »

ක‍්‍රීඩා අමාත්‍යාංශය වත්ත බද්දට දී ඇස්සට දත නියවයි

ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් කෝටි ගණනින් මුදල් වියදම් කර පළාත් පාලන ආයතන සහ පාසල් සදහා ඉදිකරදී ඇති ක‍්‍රීඩාංගණ පිහිනුම් තටාක ආදිය ක‍්‍රීඩා අමාත්‍යංශයේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගැනීමේදී අදාළ පාලන ආයතනවලට මුදල් ගෙවීමට සහ සියලු කොන්දේසිවලට යටත්වන්නට සිදුවීම පුදුමයට කරුණක් යැයි ක්‍ෂේත‍්‍රයේ පිරිස් පවසති. ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මෙහෙයවෙන ප‍්‍රමුඛතම වාර්ෂික ඉසව්ව වන ජාතික ක‍්‍රීඩා උළෙලේ[…]

Read More »

ආසියානු වොලිබොල් ක‍්‍රීඩාවේ නව ගමනක් – සැප්තැම්බරයේ ශ‍්‍රී ලංකාවෙන් ඇරඹේ

ආසියානු කලාපීය වොලිබෝල් ක‍්‍රීඩාවේ තරගකාරිත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් අලූත් ආකෘතියකින් පළමු වරට පවත්වනු ලබන ‘ආසියානු අභියෝගතා කුසලාන’ පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා සත්කාරක රට ලෙසින් ශ‍්‍රී ලංකාව ඉදිරිපත්වී සිටියි. තරගාවලිය රටවල් 8ක සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 15 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙතෙක් කණ්ඩායම 16ක[…]

Read More »

සෙරීනාගේ බහින කලාවද?

ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතා 23 කට හිමිකම් කියන සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා සෙරීනා විලියම්ස් සින්සිනාටි විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටයෙන්ම ඉවතට විසිවී තිබේ. චෙක් ජනරජයේ 28 හැවිරිදි පෙට්රා විටෝවා හමුවේ තරග වට 2-1 කින් පරාජය වීම හේතුවෙන් සෙරීනාට මෙලෙස එම ශූරතාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එම තරග වටයන්හි ලකුණු තත්වයන් පිළිවෙලින් 6-3 ක්,[…]

Read More »

කෝටි 500කටත් වැඩි වියදමක් කර ලංකාවට පාපන්දු උණ හදන ‘ෆේස්බුක්’

ලෝක කුසලාන පාපන්දු උණුසම මැකී යන්නට වූයේ නැත. මෙම සිකුරදා දිනයෙන් (17වැනිදා) ඇරැඹී, තවත් පාපන්දු රැල්ලක් ශ‍්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය හරහා හමා යෑමට කටයුතු සියල්ල සූදානම්ය. ඒ ස්පාඤ්ඤ ‘ලා ලිගා’ පාපන්දු තරගාවලිය හෙවත් ලොව වැඩිම අවධානයට ලක්වන ක‍්‍රීඩා සමාජ පාපන්දු ලීගයේ පහරින් පහර ගෝලයෙන් ගෝලය සජීවීව නැරඹීමේ අවස්ථාව[…]

Read More »

මාස පහකින් පිටියේ පස් පාගා නැති ස්මිත් ශ්‍රේණිගත කිරීමේ අංක 1ට එයි

ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෑත කාලයේදී දරුණුම අපවාදයකට ලක්වූයේ නම් ඒ ස්ටීවන් ස්මිත්ගේ නායකත්වය යටතේ ක‍්‍රීඩා කරමින් සිටියදී කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් පන්දුව පළුදු කිරීමය. රූපවාහිනී කැමරාවේ සමීප රූපරාමු ඉදිරියේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හෙළුව හෙළිවූ අතර එහි ප‍්‍රතිඵලය වූයේ ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පරිපාලනය විසින් නායක ස්ටීවන් ස්මිත් මෙන්ම උපනායක ඬේවිඞ් වෝනර්වද වසරක කාලයකට ක‍්‍රිකට්[…]

Read More »

නිව්මෝනියාවට පැරදුණු රොනාල්ඩෝ සුව අතට

නිව්මෝනියා රෝගය හේතුවෙන් රෝහල්ගතව සිටි බ‍්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක‍්‍රීඩක රොනාල්ඩෝ අද රෝහලෙන් පිටව යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්පාඤ්ඤයේ ඉබිසා නගරයේ නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර නිව්මෝනියා රෝගය උත්සන්න වීම හේතුවෙන් හෙතෙම ඉකුත් සිකුරාදා දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි. 41 වැනි වියේ පසුවෙන රොනාල්ඩෝ 98 වතාවක්[…]

Read More »

මාලිංග යළි එන බව මැතිව්ස් කියයි

ලසිත් මාලිංග විශිෂ්ඨ පන්දු යවන්නෙකු බවත් ඔහු ශ‍්‍රී ලංකා පිලේ ඉදිරි සැලසුම් අතර සිටින බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. සංචාරක දකුණු අප‍්‍රිකාව සමග පස්වැනි එක්දින තරගය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් ‘‘පළමු තරග තුනේදී එක් තරගයක්[…]

Read More »

කෝලි ප‍්‍රමුඛ ඉන්දියාව ‘අහසින් පොළොවට’

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ වැජඹෙන ඉන්දීය පිලට අමතක නොවන පාඩමක් කියාදෙමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 159 ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. මේ ජයග්‍රහණයත් සමග තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක එංගලන්තයට හැකි විය. ඉනිමක පරාජයෙන් ගැලවීම උදෙසා[…]

Read More »