ක්‍රීඩා

දකුණු කොරියාව හමුවේ ශ‍්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයෝ ජය පෙනි පෙනී පරදිති

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා සත් සමාජික රග්බි පිල සහභාගී වූ දෙවැනි තරගයෙන් ප‍්‍රබල දකුණු කොරියාව හමුවේ තියුණු සටනක් දෙමින් ලකුණු 31-26 කින් පරාජයට පත්විය. ඒ අනුව අදාළ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය වන ශ‍්‍රී ලංකා පිලේ අනෙක් තරගය ඇෆ්ගනිස්තානය සමග හෙට පැවැත්වේ.[…]

Read More »

ෆසාල්ගේ සුපිරි ගෝලයෙන් ශ‍්‍රී ලංකාවට ජය

මොහොමඞ් ෆසාල් විසින් වාර්තා කරගත් සුපිරි ගෝලයේ පිහිටෙන් බංග්ලාදේශය සමග ඊයේ පැවැති පුහුණු පාපන්දු තරගයෙන් ගෝල 1-0 ක ජයක් ලැබීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය. බංග්ලාදේශයේ ශෙයික් කමාල් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. තරගයේ ගතවූ 10 වැනි මිනිත්තුවේදී ප‍්‍රථිවාදී ක‍්‍රීඩකයින් මෙන්ම රැුස්ව සිටි 40,000 කට ආසන්න ප්‍රෙක්ෂකයින් විශ්මයට පත්කරමින් මීටර් 40 ක පමණ[…]

Read More »

ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම දැවැන්ත ජයකින් ගමන් අරඹයි

ආසියානු ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ ලකුණු 68-00 ක පහසු ජයක් ලැබීමට සමත් විය. ‘සී’ කාණ්ඩයෙන් තරගාවලිය සඳහා පිවිස සිටින ශ‍්‍රී ලංකා පිලේ මීළඟ තරගය ප‍්‍රබල දකුණු කොරියා කණ්ඩායම සමගින් පැවැත්වෙන අතර එය අද ප.ව. 4.28[…]

Read More »

අංක එකේ සිටි ඇන්ඩි මරේ 64 දෙනාගේ වටයට පමණයි

ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටය හෙවත් අවසන් තරගකරුවන් 64 දෙනාගේ වටයෙන් හිටපු අංක එකේ ටෙනිස් ක‍්‍රීඩක ඇන්ඩි මරේ ඉවතට විසිව තිබේ. 34 හැවිරිදි ස්පාඤ්ඤ ක‍්‍රීඩක ෆර්නෑන්ඩෝ වර්ඩාස්කෝ හමුවේ තරග වට 3-1 (7-5, 2-6, 6-4, 6-4) කින් පරාජය වීමෙන් මෙලෙස ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. 31 හැවිරිදි මරේ සිය[…]

Read More »

මලල ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව අද සවස

18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ අවසන් මලල ක‍්‍රීඩා පදක්කම් බලාපාරොත්තු වන මීටර් 400x 4 පිරිමි අවසන් තරගය අද ප.ව. 7.10 ට පැවැත්වේ. එම අවසන් තරගයේදී 8 වැනි මංතීරුවේ තරග වඳින ශ‍්‍රී ලංකා කණ්ඩායමට කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිඳු කොඩිකාර සහ අජිත් පේ‍්‍රමකුමාර ඇතුළත්ව සිටියි. ඔවුන් විසින් අදාළ ඉසව්වේ[…]

Read More »

ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිළ ශ‍්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග පහකට සහභාගී වන ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිල සැප්තැම්බර් 7 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සැප්තැම්බර් 11 වැනිදා ආරම්භවන පළමු එක්දින තරගය සහ 13 වැනිදා ආරම්භ වෙන දෙවැනි තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට අයත් තෙවැනි එක්දින[…]

Read More »

අභියෝග රහිත චීනය රන් පදක්කම් ශතකය පෙනෙන ඉමේ

ආසියානු ක‍්‍රීඩා උළෙල ආරම්භ වී දින 12ක් ගතවන අතරවාරයේදී පදක්කම් සටහනේ සිය රන්පදක්කම් සංඛ්‍යාව ශතකය ආසන්නයටම ගෙනෙමින් තවදුරටත් පෙරමුණේ සිටීමට ප‍්‍රබල චීනය සමත්ව සිටියි. රන් 99 ක්, රිදී 65 ක්, සහ ලෝකඩ 48 ක් වශයෙන් චීනය ඉදිරියේ සටහන්ව තිබෙන මුලූ පදක්කම් සංඛ්‍යාව 212 කි. පදක්කම් සටහනට අනුව චීනය ආසන්නයටවත් පැමිණීමට[…]

Read More »

ශ‍්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු ඈතින් ඈතට

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ ඉඳුනිල් හේරත්ට මීටර් 800 අවසන් තරගයේදී හිමි වූයේ 8 වැනි ස්ථානයයි. ඉඳුනිල්ගේ තරග නිමි කාලය විනාඩි 1.51.36 ක් වශයෙන් දැක්වුණ අතර හෙතෙම අවසන් පූර්ව වටයේදී එම ඉසව්ව විනාඩි 1.47.54 කාලයකින් අවසන් කර තිබිණි. මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සහභාගී වූ[…]

Read More »

බංගලිදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා දෑවැද්ද ඉල්ලා බිරිඳට වද හිංසා කළැයි නඩු

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ පිලට ඇතුළත් කර සිටින මොසදෙක් හුසේන්ට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෂාමීන් සමීරා නඩු පවරා තිබේ. විවාහයේදී ඇමරිකානු ඩොලර් 12,003 ක් හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රු. 1920480 කට ආසන්න මුදලක් දෑවැද්ද වශයෙන් ලබාදෙන බවට වූ පොරොන්දුව තවමත් ඉටුකර නොතිබීම හේතුවෙන් මොසදෙක් විසින් සමීරාට වද හිංසා සිදුකර[…]

Read More »

තරග පාවාදීමට සැක මොහු හඳුනා ගැනීමට අයි.සී.සී ය මහජන සහය පතයි

අල් ජසීරා රූපවාහිනී ආයතනය මගින් මේ වනවිට ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන ක‍්‍රිකට් තරග පාවාදීම සඳහා ක‍්‍රීඩකයින් පොළඹවා ගැනීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන එක් පුද්ගලයෙකු හදුනා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මහජනතාවගේ සහය පතා තිබේ. අදාළ මාධ්‍ය ආයතනය මගින් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන එම දර්ශනයන්හි එංගලන්ත සහ ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් කෙරහි චෝදනා එල්ල[…]

Read More »

ඉඳුනිල් සහ ගයන්තිකා අද මීටර 800 අවසන් සටනේ

  ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු එක්කර තිබෙන ඉඳුනිල් හේරත් සහ ගයන්තිකා අබේරත්න සහභාගී වන මීටර් 800 ඉසව්වේ අවසන් තරග අද (28) පැවැත්වේ. එම කාන්තා තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 6.00 ටත්, පිරිමි තරගය අද ප.ව. 6.10 ටත් පැවැත්වීමට නියමිතය. මූලික වටයේ තරගයේදී විනාඩි 1.47.54 කාලයකින් තරගය[…]

Read More »