කතුවැකි

තරුණ පරපුර විඳෙව්වා ඇති!

රටට මේ කල යාම ගැන තීන්දුවක් ගත හැකි අපූරු සංඛ්‍යා ලේඛනයක් තිබේ. ඒ මෙසේය. අ.පොස. උසස් පෙළ විභාගයට වසරකට සිසුහු ලක්ෂ තුනක් හිඳ ගනිති. ඒ ලක්ෂ තුනෙන් විශ්වවිද්‍යාලයට යාම සඳහා සිසුහු එක්ලක්ෂ අනූදහසක් පමණ සමත් වෙති. එහෙත් වසරකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්නේ 30,000 ක පිිරිසකි. විශ්වවිද්‍යාලයට යා නොහැකි වන 160,000 ක්[…]

Read More »

කිරි නැති හින්දා රට කිරි දීලා අපේ දරුවො මරන්නා

මිහිතලයේ සියලු දේ නිර්මාණය වන්නේ හිරුගේ කිරණින් හා මවගේ කිරිවලින් යැයි කියමනක් තිබේ. ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක මක්සිම් ගෝර්කි විසින් කර ඇති මෙම ප්‍රකාශය මව් කිරිවල අගය කියන්නට මීට වඩා ගැළපෙන යෙදුමක් අනාගතයේදී හෝ හමුවනු ඇතැයි සිතිය නොහැකිය. ලොව සියලු දේ බිහිවන්නට හේතුවන මව්කිරි සම්බන්ධයෙන් ආඩම්බර විය හැකි, සතුටට පත්විය හැකි[…]

Read More »

චාරයක් නැති වීරයා

පසුගිය දිනවල දුෂ්ටයා වූ රන්ජන් ගිය අඟහරුවාදා (21 වැනිදා) යළිත් වීරයාගේ චරිතයට ඇන්දේය. එදින පාර්ලිමේන්තුව අමතමින් ඔහු කළ ප්‍රකාශය දෙස කවුරුත් බලා සිටියේ ඇස් උඩ තබාගෙන, කට ඇරගෙනය. රන්ජන්ගේ කතාව ගැන මුහුණුපොතේ සටහන් තැබූ වැඩි දෙනකුගේ අදහස වූයේ රන්ජන් හැම දෙනාගේම රෙදි ගැලවූ බවය. රන්ජන්ට මගහැරුණු යමක් වී නම් හිරුණිකා[…]

Read More »

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය නොකර හිඳීමට නම්…

කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබේ. අගමැතිවරයා මේ සහතිකය දී ඇත්තේ පසුගිය දිනෙක කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීය. කිසියම් රාජ්‍ය ආයතනයක් පාඩු ලබන විට එය පෞද්ගලික අංශයට විකුණා දැමීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වූ යුගයක් මේ රටේ[…]

Read More »

සිසුවාට සෙල්ලම්ගේ හදා දෙන්නෙත් දෙමාපියන්

විරෝධතා හා උද්ඝෝෂණවලට ප්‍රසිද්ධ සරසවි සිසුන්ය. නමුත් දැන් ඔවුන් විරෝධතාවකට සූදානම් වන විට බලධාරීන් තේ බොන්නට දී සාකච්ඡා කරන නිසා සරසවි සිසු උද්ඝෝෂණ දැක ගන්නට නැත. මේ වෙනුවට දැන් දකින්නට ඇත්තේ අනාගත සරසවි සිසුන්ගේ දෙමාපියන්ගේ උද්ඝෝෂණය. මේ වසරේ සිය දරුවාට පාසලක් අහිමි වූ දෙමාපියන්ගේ උද්ඝෝෂණ මේ දිනවල සුලබය. උද්ඝෝෂණවලට එන[…]

Read More »

රටටත් වැඩිය වටින නායකකම්

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තවත් සතියකින් ඉදිරියට ගමන් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (16 වැනිදා) පැවැති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද අවසන් වූයේ විසඳුමකින් තොරවය. නායකත්වය මුල්කරගෙන හටගත් මේ අර්බුදය නිසා දැන් පක්ෂය සිටින්නේ දෙකඩ වීමේ අනතුරක් අබියසය. මේ පක්ෂයට ‘එක්සත් ජාතික පක්ෂය’ යැයි කීවත් එය හුදෙක් හැඳින්වීමේ නාමයක් පමණක් වී[…]

Read More »

ළමයින්ට හොඳම දේ ලැබෙන හැටි

එක්දහස් නවසිය අසූවේ රුපියල් දහයක වැටුප් වැඩිවීමක් ඉල්ලා වර්ජනයේ යෙදුණ රාජ්‍ය සේවකයන් 40,000 ක් ජේ. ආර්. ආණ්ඩුව රැකියාවලින් එළවූහ. මසකට රුපියල් දහයක වැටුප් වැඩිවීමක් නොකර වර්ජනය මට්ටු කළ ජේ.ආර්. පසු කලෙක ජනාධිපති වැටුප වැඩි කිරීමට තීන්දුවක් ගත්තේය. ජනතාවට වැටුප් වැඩි නොකර ජනාධිපතිට වැටුප් වැඩි කිරීම ගැළපේදැයි ජේ.ආර්. ගෙන් ප්‍රශ්න කළ[…]

Read More »

දෙවියන්ගේ මිනිසුන්ගේ වැටුප් වැඩි කිරීම

මාර්තු මස 01 දා සිට වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවිය යුතු බවට ආණ්ඩුව තීරණය කර ඇතත් වතු හාම්පුතුන් එය ගෙවීමට සූදානමක් නොමැති බව වාර්තා වී තිබේ. හාම්පුතුන්ගේ සංගමය පවසා ඇත්තේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම, ජාත්‍යන්තර වෙළෙඳපොළ සීමාවීම යන කාරණා මත වතු සේවක වැටුප් ඉහළ නැංවිය නොහැකි බවය.[…]

Read More »

බල්ලාගේ වැඩේ කරන්නට යන බූරුවෝ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ තමන්ට පෙර සිටි ජනාධිපතිවරුන්ට වෙනස් අන්දමකටය. ඔහු තනතුරට පත් වූ පසු කළ පළමු කාර්යය වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි දැවැන්ත කාර්ය මණ්ඩලය අඩු කිරීමය. පෙර සිටි රාජ්‍ය නායකයන් මෙන් ඔහු දුසිම් ගණන් උපදේශකයන් පත් කර ගෙනද නැත. එසේ වුවත් රටපුරාම ජනාධිපතිවරයාට උපදෙස් දෙන උපදේශකයෝ සිටිති.[…]

Read More »

යන්න හිතෙන රටක සිට – ඉන්න හිතෙන රටකට

වේගවත් සංවර්ධනයක් සහතික කිරීම සඳහා බුද්ධි ගලනය පාලනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය අමතමින් පසුගියදා ප්‍රකාශ කළේ ය. රටක සංවර්ධනයට පාදක වන කරුණු ගණනාවක් තිබේ. රටක බුද්ධිමතුන් වැඩිවීම හා ඔවුන්ගේ සේවයද ඒ අතරින් එකකි. මේ නිසා බුද්ධි ගලනය හෙවත් බුද්ධිමතුන් රටහැර යෑම සංවර්ධනයට හිතකර නොවන[…]

Read More »

රාජ්‍ය ඇමැතිවරු බකං නිලාගෙන

රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයයන් පවරා ඊට අදාළ ආයතන නම් කළ යුතු බවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූයේ පසුගිය මස 12 දාය. ඒ තීන්දුව ගෙන මාසයක කාලයක් ඉක්ම ගොස් ඇතත් තමන් විසින්ම අනුමත කළ තීන්දුව ක්‍රියාත්මක කර ඇත්තේ ඇමැතිවරුන් කිහිප දෙනකු පමණකි. මේ නිසා රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට උඩ බලාගෙන සිටීමට[…]

Read More »
1 2 3 8