brand logo

BTS සංගීත කණ්ඩායමට තහනමක්

09 September 2021

රසික සමාජවල තහංචි පිටුපස දේශාපාලනික අරමුණු ?

ලෝකයේ ඉතාම ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන බීටීඑස් (BTS) කණ්ඩායම ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් චීනය තුළ යම් වාරණයකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙවැනි ජනප්‍රිය කණ්ඩායම්වල රසික රසිකාවියන් විසින් පවත්වාගෙන යනු ලබන රසික සමාජවල සමාජ මාධ්‍ය ගිණුම් 22 ක් තහනම් කිරීමට එරට වයිබෝ නමැති ප්‍රකට සමාජ මාධ්‍ය අඩවිය පියවර ගෙන ඇත. ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අතාර්කික ලෙස ජනප්‍රිය තරු අනුගමනය කිරීමක් මේවා තුළින් සිදුවන බවයි.

මෙම එක් රසික ගිණුමක් බීටීඑස් කණ්ඩායමේ ගායකයකු වන පාර්ක් ජි-මින් වෙනුවෙන් ගුවන් යානයක් නවීකරණය කිරීම සඳහා විශාල වශයෙන් මුදල් එකතු කර තිබූ බවද සඳහන්ය. ඒ ඔහුගේ 26 වැනි උපන් දිනය වෙනුවෙනි.

Spin or Bin Music on Twitter: "With 'Filter' surpassing 100 MILLION streams  on Spotify, BTS' Jimin becomes the first Korean act to have three solo  songs surpass 100 MILLION streams on Spotify. නීතිවිරෝධී ආකාරයෙන් අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන්ද වයිබෝ ආයතනය එක් රසික ගිණුමකට චෝදනා කර තිබිණි. මේ ආකාරයෙන් අතාර්කික ආකාරයෙන් ජනප්‍රිය තරු හඹා යෑම තමුන් අනුමත නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් වයිබෝ ආයතනය පවසා තිබේ. තම සමාජ මාධ්‍ය අඩවිය තුළ සිදුවන මෙවැනි කටයුතු වඩාත් ‘පිරිසුදු කිරීමට’ තමුන් බලාපොරොත්තු වන බවද ඔවුන් පවසා තිබිණි. බීටීඑස් කණ්ඩායමේ නිල ගිණුම ඇතුළු තවත් ජනප්‍රිය කණ්ඩායම් කිහිපයක ගිණුම්ද තාවකාලිකව තහනම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මේ ආකාරයෙන් තහනම් කර ඇත්තේ Blackpink, GOT 7, EXO වැනි කණ්ඩායම්වල ගිණුම්ය. කෙසේ වෙතත් මෙය චීනයේ විනෝදාස්වාදන කර්මාන්තයටත්, රසික සංස්කෘතියටත් එරෙහිව ක්‍රියාත්මක කරමින් ඇති වඩාත් පුළුල් වැඩපිළිවෙළක තවත් පියවරක් බව නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති. සමහර ජනප්‍රිය කලාකරුවන්ගේ ක්‍රියාවන් චීනයේ සම්ප්‍රදායික වටිනාකම්වලට පටහැනි නිසාත්, ඒවායින් තරුණ පරපුර මත නරක බලපෑමක් ඇති කරන නිසාත් මෙවැනි පියවර ගන්නා බවද රජයේ ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර තිබේ. සමහර විචාරකයන් පෙන්වා දෙන්නේ තරුණ තරුණියන් විශාල වශයෙන් ඒකරාශි කිරීමේ ශක්තියක් ඉහත කී කලාකරුවන්ගේ රසික සමාජවලට තිබෙන නිසා මෙම තහංචි පිටුපස දේශාපාලනික අරමුණුද තිබෙන්නට ඉඩ ඇති බවයි. [caption id="" align="alignnone" width="1080"]Blackpink Are Honoured To Be The World's Biggest Girlband | British Vogue Blackpink[/caption] [caption id="" align="alignnone" width="886"]Contact Support | Got7, Got7 members, Got7 jinyoung GOT 7[/caption] [caption id="" align="alignnone" width="824"]EXO are finally coming back and it's going to be HOT | SBS PopAsia EXO[/caption] සහන් වික්‍රමගේ
 

More News..