brand logo

BTS ඇමරිකානු ගීත ගඟුල කලඹයි

29 November 2021

සරත් සෘතුවේ දී කලඑළි බසින සම්මාන උළෙලක් ලෙස ‘ඇමරිකානු සංගීත සම්මාන’ හැඳින්විය හැක. වසර හතළිස් නමයක ඉතිහාසයකට හිමිකම් කියන ඔවුන් මෙවර සිය සම්මාන උළෙල පැවැත්වීමට තීරණය කළේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවර මයික්‍රොසොෆ්ට් රඟහලේදීය. වෙනදා මෙන් වැඩි උත්කර්ෂයක් නොතිබුණත් සරලව අලංකාරවත් ලෙස කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කරමින් සම්මාන උළෙල පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය. මෙහිදී, වසරේ ජනප්‍රියම කලාකරුවන්, ජනප්‍රියම ගීතය සහ කණ්ඩායම මෙන්ම ජනප්‍රියම ගීත අල්බයන්ද තෝරා පත්කර ගන්නේය. හතළිස් නමවැනි ‘ඇමරිකානු සංගීත සම්මාන’ උළෙලේ සුවිශේෂීම සිදුවීම වූයේ හිප් පොප් ගායිකාවක් වන ‘කාඩි බී’ විසින් සම්මාන උළෙල මෙහෙයවීමයි.  May be an image of 2 people and people standing එය ‘ඇමරිකානු සංගීත සම්මාන’ ඉතිහාසයේ හිප් පොප් ගායිකාවක් සම්මාන උළෙලක් මෙහෙයවූ දෙවැනි අවස්ථාව වන්නීය. මීට පෙර මෙම සම්මාන උළෙල මෙහෙයවා තිබුණේ රැප් රැජින වන ලතීෆා ය. ඒ 1995 වසරේදීය. මේ අතර ‘කාඩි බී’ යළිත් වරක් වසරේ ජනප්‍රියම රැප් ගීතයට හිමි සම්මානය දිනා ගත්තාය. එමෙන්ම, පිට පිටම තුන් වරක් වසරේ ජනප්‍රියම රැප් ගායිකාවට හිමි සම්මානය දිනාගත් එකම රැප් ගායිකාව බවටත් ඈ පත්වන්නීය.

ලෝකයේම උන්මාදයක් වූ කොරියානු පොප් සංගීත කණ්ඩායම වන බී.ටී.එස්. ඔවුන්ගේ පළමු ‘ඇමරිකානු සංගීත සම්මාන‘ දිනා ගන්නේය. ඒ එක් සම්මානයක් නොව ත්‍රිත්ව සම්මානයන්ට හිමිකම් කියමිනි. එසේ ඔවුන් හිමිකර ගත් සම්මානයන් වන්නේ වසරේ කලාකරුවාට හිමි සම්මානය, වසරේ ජනප්‍රියම පොප් සංගීත කණ්ඩායම සහ ජනප්‍රියම පොප් ගීතය ලෙසයි. 

AMAs 2021 winners: BTS wins artist of the year award for first time ජස්ටින් බිබර්, අරියානා ග්රෑන්ඩ්, ටේලර් ස්විෆ්ට්, ඔලිවියා රොද්‍රිගෝ සහ ඩුව ලීපා වැනි ජනප්‍රියම ගායික ගායිකාවන් පසුකරගෙන ‘වසරේ කලාකරුවාට හිමි සම්මානය’ දිනාගත් නව පරපුරේ කොරියානු තරුණයන් බවටත් ඔවුන් පත් වන්නේය. එමෙන්ම, ‘ඇමරිකානු සංගීත සම්මාන’ උළෙලේ දී සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගත් තරු අතරට බී.ටී.එස්. සංගීත කණ්ඩායම මෙන්ම ඩෝජ කැට් (Doja Cat) සහ මේගන් තී ස්ටාලියන් විසිනි. මෙවර ‘ඇමරිකානු සංගීත සම්මාන’ උළෙලේ රතුපලස දිගේ පිය මනින්නට සම්මානයන් සඳහා නිර්දේශ වූ කලාකරුවන් මෙන්ම විනී හාර්ලෝ, බිලී පෝටර්, නිවේදිකාවක් සහ යුටියුබ් හි ක්‍රියාකාරිනියක් වන ලීසා කෝෂි වැනි සමාජ ක්‍රියාකාරීන් පිරිසක්ද සහභාගී වීය. මේ අතර කැපී පෙනෙන තරු බවට කැනේඩියානු මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන විනී හාර්ලෝ සහ සම්මානිත රැප් ගායිකා ‘කාඩි බී’ හඳුන්වන්න පුළුවනි. Winnie Harlow turns heads in barely-there bejewelled minidress as she attends 2021 American Music Awards

එමෙන්ම මෙම සම්මාන උළෙලට ලේඩි ගාගා පැමිණ තිබුණේ කෘතිම නිපද වූ සුදු අශ්වයකුගේ පිටින් වීමත් විශේෂත්වයකි.

LADY GAGA MAKES AN ENTRANCE INTO THE AMERICAN MUSIC AWARDS. ~ PINK REPUBLIC/ MY BLOG IS A STORY MARATHON.

‘2021 ඇමරිකානු සංගීත සම්මාන’ උළෙලේ ජයග්‍රාහී තරු....

වසරේ කලාකරුවා : බී.ටී.එස්. පොප් සංගීත කණ්ඩායම වසරේ නව කලාකරුවා : ඔලිවියා රොද්‍රිගෝ වසරේ හොඳම සංගීත එකතුව : ඩෝජ කැට් (Doja Cat) සහ SZA වසරේ වැඩිම නැරඹුම් වාර ගණනක් හිමි ගීතය : මේගන් තී ස්ටාලියන්ගේ “Body” ගීතය ජනප්‍රියම සංගීත වීඩියෝව : ලිල් නාස් එක්ස්ගේ Lil Nas X& Call Me By Your Name ජනප්‍රියම පොප් ගායකයා : එඩ් ෂීරන් ජනප්‍රියම පොප් ගායිකාව : ටේලර් ස්විෆ්ට් ජනප්‍රියම පොප් සංගීත කණ්ඩායම : බී.ටී.එස්. ජනප්‍රියම පොප් ඇල්බමය : ටේලර් ස්විෆ්ට්ගේ “evermore” ජනප්‍රියම පොප් ගීතය : බී.ටී.එස්.ගේ “Butter” ජනප්‍රියම හිප් පොප් ගායකයා : ඩ්රේක් (Drake) ජනප්‍රියම හිප් පොප් ගායිකාව : මේගන් තී ස්ටාලියන් ජනප්‍රියම හිප් පොප් ගීතය :‘කාඩි බී ගේ “Up” ගීතය හර්ෂණී දිසානායක
 

More News..