brand logo

Update : හපුතලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට ලක්වෙයි

03 January 2020

හපුතලේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්  ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 ගුවන් යානයක් වේ. අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, යානය කඩා වැටුනු අවස්ථාවේ ඒ අසළ වූ නිවසක සිටි කාන්තාවක් ද තුවාල ලබා තිබේ. ඇය මේ වන විට හපුතලේ රෝහලට ඇතුළත් කර තිබේ. වීරවිල ප්‍රදේශයෙන් ගුවන් ගතවූ මෙම යානය රත්මලාන වෙත පියාසර කරමින් තිබියදී හපුතලේ තම්බපිල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබුණි. අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ Squadron Leader ඩබ්ලිව්.ඒ.එම්.බී.එන්.බී. වීබැද්ද, Flight lieutenant කේ.එම්.ඩී.එල්. කුලතුංග, සහාය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්. කුමාර, එල්.ඒ. සී. හෙට්ටිආරච්චි යන අයවේ.   https://youtu.be/qmh5oxBImdY    
 

More News..