brand logo

BPL අවසන් මහා තරඟය අද - තිසර සහ තරංගත් කණ්ඩායම් දෙකේ

08 February 2019

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් වන්නේ Comilla Victorians සහ Dhaka Dynamites යන කණ්ඩායමයි. Comilla Victorians කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රීඩා කරනු ලබනවා. Dhaka Dynamites කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා කරනු ලබනවා. මෙම කණ්ඩායම දෙක අතර ඉතාමත් තියුණු තරගයක් අද පැවැත්වෙනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයින් සදහන් කරන්නේ. ඩකා හිදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි. මේ අතර තිසර පෙරේරා සිය බිරිද වන ෂෙරමි පෙරේරා සමග ඊයේ රාත්‍රීයේ ඩකා මෙරුල් බද්ද විහාරස්ථානයට ගොස් ඇති අතර, එහිදී ආගමික වතාවත් වලට ද සහභාගි වී තිබෙනවා. https://twitter.com/dinu_sherami/status/1093525351412621312  
 

More News..