brand logo

BOI' යෙන් කර්මාන්ත ශාලා හිමියන්ට නිවේදනයක්

21 May 2021

පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛය මාර්ගෝපදේශයන්ට අනුගතව කර්මාන්ත ශාලා පවත්වාගෙන යායුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කර තිබේ. එහි සභාපති සංජය මොහොට්ටාල මහතා සඳහන් කර සිටියේ සියලු කර්මාන්තශාලා පරිපාලනයන්ට ඒ බව දැනුම්දෙන බවයි. එබැවින් සේවක සුරක්ෂාව සහ නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියේ අනාගතය ගැන ගැඹුරින් සිතා තීරණ ගන්නා ලෙස වැඩි දුරටත් අවධාරණය කර තිබේ. සේවක සුරක්ෂාවේදී කර්මාන්ත තුලදී පමණක් නොව සේවකයන් ප්‍රවාහනයේ දී සහ අනෙකුත් සෑම ස්ථානයකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සඳහන් කරයි.
 

More News..