Arun Admin

නියඟය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 67,578ක් පීඩාවට පත්වෙයි

පවතින නියඟය හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 67578 කට අයත් පුද්ගලයින් 228445 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව උතුරු පළාතේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිළධාරීන් පවසති. නියඟය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 8839 කට අයත් පුද්ගලයින් 30970 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය 18 ‍වැනිදා නිකුත් කළ දත්ත වාර්තාව[…]

Read More »

අලුත් හූනන් හයකට ජාතික වීරයන්ගේ නම් දෙති

ශ්‍රී ලංකාවේ උරග නාමාවලියට අලුතින් හූනන් විශේෂ (දිවාසැරි හූනන්) හයක් හඳුන්වාදීමට පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. විදේශීය මහාචාර්යවරු සහ දේශීය මහාචාර්වරුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම පසුගිය 2018 වර්ෂයේදී මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. විශේෂයෙන් ලංකාවේ කුඩා වනාන්තර ආශ්‍රිතව මෙම සතුන් ඇති බවට නිරීක්ෂණය කර ඇති අතර[…]

Read More »

බහුදින ධීවර යාත්‍රාවක තිබී මත් දුව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයා ගනී

පසුගිය ජූලි මස 11 වන දින නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ දී සැක පිට නාවික හමුදා බාරයට ගත් ඉරාන ජාතිකයින් 06 දෙනා සහ ඔවුන්ට අයත් විදේශීය ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී හෙරොයින් කි.ග්‍රෑ. 70 කට ආසන්න තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. මේ හා සමගාමීව ජූලි මස[…]

Read More »

ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කෙරිණ. අද (18) කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජන බව වේගයේ රැළියේදි මේ බව සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයෙකු මෙලෙස ඉදිරිපත් කරන්නේ වසර 20කට පසුවයි. පෙරළියේ මහ රැලිය ජාතික[…]

Read More »

ජනපති අපේක්ෂකයා නම් කිරීමේ ජවිපෙ රැළිය ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ස්ථාපිත කළ ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ආරම්භ වී ඇත. කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී ඇති මෙම රැළියට විශාල ජනතාවක් සහභාගි වී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළේය. පෙරළියේ මහ රැලිය Posted by National People’s Power on Sunday, August 18, 2019

Read More »

තුන් නිකායම එකක් වෙන්න යයි

ඉදිරියේදී තුන් නිකායම එකතු කර සංඝ සභාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියෝ පැවසූහ. මෙලෙස සංඝ සභාවක් පිහිටුවා එක නායකත්වයක් යටතේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද අනු නාහිමියන් කියා සිටියහ. මේ පිළිබඳව අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද[…]

Read More »

උ.පෙළ සිසුන්ට ටැබ් දෙන්න පුළුවන් පස් වසරකට වරක් පමණයි – මුදල් අමාත්‍යාංශය

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට මුදල් වෙන් කළ හැක්කේ පස් වසරකට වරක් පමණක් බවට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. පළමු වටයේදී සියලුම ජාතික පාසල්වල සිසුන්ට හා ගුරුවරුන්ට පමණක් ටැබ් පරිගණක අනූහත් දහසක් බෙදාහැරෙන අතර එම ටැබ් පාවිච්චි කළ[…]

Read More »

ප්‍රතිඵල අනුව ක්‍රීඩා ඇමතිටත් ගෙවීම් කළා නම් හරීන්ට අතිනුත් ගෙවන්න වෙනවා

මෙරට ක්‍රිකට් වංශකතාවේ ඉහළම ප්‍රතිඵලවලට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ඔහුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ අත්ව තිබෙන ඉරණම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කෙබඳු වේදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග ඒ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූයේ මෙලෙසිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් පරිහානිය එක රැයකින්[…]

Read More »

ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක ජයක් – දිමුත් තරගයේ වීරයා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. මෙම තරගයේ පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 249ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ලකුණු 267ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 285ක් රැස්කර ගත් අතර, ඒ අනුව[…]

Read More »

ජවිපෙ ප්‍රමුඛ බලවේගයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම අද

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ස්ථාපිත කළ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා අද (18 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ පෙරමුණක් ජනාධිපතිවරණයට පෙර නිර්මාණය කිරීමට ඔවුන් තීරණය කර ඇත. එලෙස නිර්මාණය කරන මැතිවරණ පෙරමුණේ නම සහ ඡන්ද ලකුණ පිළිබඳව සාකච්ඡා කර ඇතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු එය හෙළි නොකිරීමට[…]

Read More »

පොල් මුදලාලිට එලොව පොල් පෙනෙන පොල් මිල

නිවසේ ඉදෙන සෑම වැංජන තුනෙන් එකකට හෝ පොල් කිරි දැමීම ශ්‍රී ලංකික ගෘහණියන්ගේ සිරිතකි. ඒ නිසාම පොල් ගෙඩියේ ගණන් අඩු වැඩි වන විට ගෙදර ගෘහණියගේ සේම රැකියාවේ නියුතු ස්වාමියාගේ ද මුදල් පසුම්බියට දැනෙන්නේ පොල් ගෙඩි 12ක් 15ක් තරම් බරක් උසුලාගෙන යෑමක් වැනිය. නමුත්, මේ දිනවල නම් ඔවුන්ගේ මුදල් පසුම්බියේ බර[…]

Read More »