Arun Admin

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යය එස්.අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ එස්.අරුල්සාමි මහතා අද (06) අලුයම අභාවප්‍රාප්ත වු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය සදහන් කළේ. එස්.අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත වන විට 59 වියේ පසු වු බවත්, ඔහු දරුවන් දෙදෙනෙකුගේ[…]

Read More »

ගෑස් මිල ඉහළ දමන්න සමාගම් ඉල්ලයි | මිල ඉහළ දැමීමට නොහැකියි – පාරිභෝගික කටයුතු අධිකාරිය

ගෑස් මිල ඉහළ දමන ලෙසට සමාගම් විසින් ඉල්ලීම් කළද, කිසිදු අයුරකින් ගෑස් මිල ඉහළ නොදමන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය සදහන් කළේ ගෑස් සමාගම් විසින් ගෑස් මිල ඉහළ දමන ලෙසට පසුගිය දිනවල ඉල්ලීම් කළ බවයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවට යොමු කර ඇති බවට ද[…]

Read More »

පසුගිය වසරේ විශේෂ මෙහෙයුම් 14කින් 40290ක් අත්අඩංගුවට

පසුගිය 2018 වසරේදී පොලිස්පතිගේ නියෝග මත දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කින් අත්අඩංගුවට ගැනීම් 40290ක් සිදුකළ බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙහිදී රථ වාහන නඩු ලබාගැනීම් 69963ක් සිදුකර ඇති බවයි. මෙහිදි වරෙන්තුකරුවන් 12984ක්, බීමත් රියදුරන් 7094, විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 9087ක්, බලපත්‍ර නොමැති[…]

Read More »

දකුණු අප්‍රිකාව ජයග්‍රහණ අතළඟ

පාකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අද සිව්වැනි දිනයයි. ඊයේ (05) දිනය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 294ක් ලබාගත්තා. පාකිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 177ක් පමණයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 431ක් ලබාගැනීමට සමත් වුණා.[…]

Read More »

කරච්චි ප්‍රාදේශීය සභාව තුවක්කු මිළදි ගනීී

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වායු රයිෆල් තුවක්කු දෙකක් මිළදි ගෙන ඇති බව ප්‍රාදේශීය සභා නිළධාරීන් පවසති. ප්‍රාදේශීය සභා නිළධාරීන් පැවසූවේ දිගින් දිගටම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් හා නිවාස වෙත වදුරන්ගෙන් සිදුවන හානිය අවම කිරීම වෙනුවෙන් ආදාළ වායු රයිෆල් වර්ගයේ තුවක්කු මිළදි ගෙන ඇති බවයි. පසුගිය ප්‍රාදේශීය[…]

Read More »

ප්‍රේමයට විරුද්ධ වූ නිසා අවු. 16ක තරුණියක් කල්අඩි පාලමෙන් පනී

මඩකලපුව කල්අඩි පාලමෙන් පහළට තරුණියක් පැන අතුරුදහන්ව ඇති බවට මඩකලපුව පොලීසිය පවසනවා. අතුරුදහන් වූ තරුණිය සොයා පොලීසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වූ නාවක්කුලියේ පදිංචි තරුණියක් බවයි පොලීසිය පැවසුවේ. දියේ ගිලී අතුරුදහන් වූ තරුණියගේ පෙම්වතා යයි පවසන අයෙකු විසින් මෙම[…]

Read More »

අවුරුදු 20ක් දැවැන්තම කණ්ඩායමක් විදිහට හිටපු අපිට ඒ තැන දැන් නැතිවෙලා

වසර 20ක් පුරාවට ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම කණ්ඩායමක් ලෙස සිටිය ශ්‍රී ලංකා කණ්ඩායමට වර්තමානය වන විට එම තැන අහිමි වී ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු අග්‍රගණයේ දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවී සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුරලි කියා සිටියේ මේ වන විට ලෝක කුසලානයට සුදුසුකම්[…]

Read More »

මාතර – බෙලිඅත්ත අතර පළමු දුම්රිය අද ධාවනය කෙරේ

මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීමේ පළමු අදියර ලෙස වැඩ කටයුතු අවසන් වූ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේයි. ඒ අනුව අද පෙරවරුවේ අභිනවයෙන් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය[…]

Read More »

ඩඩ්ලි සහ චතුරිකාට ශ්‍රීලනිප සංවිධායකකම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් තිබූ සිය ස්ථාවරය වෙනස් කරමින් සිය පවුලේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිය දියණිය හා සොහොයුරා දේශපාලනයට යොමු කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව වැඩිමහල් දියණිය වන[…]

Read More »

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම මාස 6කට දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුවයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස්[…]

Read More »

සංගා පිතිකරුවෙකුගේ ඉනිමක් අගයයි

ඉන්දීය කණ්ඩායමේ චේතීශ්වර් පූජාරාගේ ඉනිම ඇගයීමකට ලක් කරමින් කුමාර් සංගක්කාර විසින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් දමා තිබෙනවා. ඒ හරහා සංගක්කාර සදහන් කර ඇත්තේ ‌චේතීශ්වර් පූජාරාගේ පිතිහරඹය ටෙස්ට් ක්‍රීඩාවට ‌මෙන්ම සියලුම පිතිකරුවන්ට විශිෂ්ට පාඩමක් බවයි. චීතීශ්වර් පූජාරා පෙන්නුම් කළා කොහොමද තමන්ගේ ශක්තිය විශ්වාස කරන්නේ කියා. ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර[…]

Read More »