gayantha

ලුනාව නාගරික මහල් නිවාසයේ වැඩ කඩිනමින් නිම කරනමෙන් නිවාස ඇමතිගෙන් උපදෙස්

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා 2012 වසරේදී නිවාස අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කරන ලද මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය සොයා බලා එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි. නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස්[…]

Read More »

මාලදිවයිනෙහි සැකපිට සිරගත කර සිටි ලහිරු මධුශංක නිදහස් කෙරේ

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු මධුශංක නිදහස් මේ වන විට නිදහස් කර ඇති බව මාල දිවයිනේ සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆා තහවුරු කළාය. 2015 ඔක්තෝබර් 23 වන දින, ලහිරු මධුශංක මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබේ. 2016 සැප්තැම්බර් මාසයේ[…]

Read More »

සිකුරාදා රැස්වන පාර්ලිමේන්තුවේ ගැලරිය වැසෙයි

පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා (23) පැවැත්වීමට නියමිතය. නමුත් අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇති බව වේත්‍රධාරී කාර්යාලය සඳහන් කරයි. එදිනට පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන අතර එදිනට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සඳහන් කරයි.

Read More »

අර්ජුන් ඇලෝසියස් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන එළඹෙන 29වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු අත්අඩංගුවට ගෙන සිටියේ මහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ය.

Read More »

නාලක ද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි. ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවට වාර්තා වන අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන්[…]

Read More »

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර කර සිටින ලාංකිකයා බේරාගැනීමට ඇමති ෆයිසර් මුලිකත්වය ගනී

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකික ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීම සඳහා ෆයිසර් මුස්තාෆා මහතා මුලිකත්වය ගෙන සිටියි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මාලදිවයිනේ අලුතෙන් තේරී පත්වූ ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සෝලිහ් මැතිතුමාගේ දිවුරුම්දීමේ සමාරම්භක උත්සවයට සහභාගී විමට පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා[…]

Read More »

බලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

බලපිටිය ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම අද පැවැත්වුණු අතර එහි උණුසුම් කාරී තත්ත්වයක් හටගෙන ඇත. ඒම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ සභාපති සමන් ද සිල්වා ඇතුළු මන්ත්‍රීන් කණ්ඩායම කළු පටි පැලඳ සභාවට ඇතුළු වෙනවාත් සමඟ කළු ඇඳුමින් සභා වාරයට පැමිණ සිටි එජාප මන්ත්‍රීවරුන් රජයට විරෝධය පළ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන[…]

Read More »

ඇමතිකම එපා කියූ වසන්ත කැබිනට් රැස්වීමට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුන අමාත්‍ය මණ්ඩල රැස්වීම සදහා වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද සහභාගි වී තිබෙනවා. “බහුතරය ආණ්ඩුවට නෑ. බහුතරය ඉන්නෙ එ.ජා.පෙ පැත්තේ. ඉතිං මං මේ පැත්තට ආවා” යනුවෙන් පාර්ලිමේන්තුවේදී පවසමින් පසුගිය නොවැම්බර් 14 වැනිදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිට යළි ඔහු විපක්ෂයට එක් වුණා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා[…]

Read More »

කසල ගොඩකට ගිනි තැබූ මන්ත්‍රීවරයා පිලිස්සී රෝහලේ

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කසළ ගොඩකට ගිනි අවුලමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත. ඩි. ආර්. සී දිසානායක නමැති වයස අවුරුදු 36ක් වූ එම මන්ත්‍රීවරයා මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. එම මන්ත්‍රීවරයා තුවාල ලබා[…]

Read More »

රුපියල තවත් පහලට – ඩොලරය 179 දක්වා ඉහලට

පවතින දේශපාලන අර්බුදය මැද තවදුරටත් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ විකුණුම් අගය රුපියල් 179.0487ක් වූ අතර ගැනුම් අගය රුපියල් 175.1136ක් ලෙස දැක්විණි.

Read More »

ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ඇපල් පෙති 4000ක් සමඟ තිදෙනෙකු මාට්ටු

මිනුවන්ගොඩ නගරයේදී ඇපල් වර්ගයේ මත් පෙති 4000ක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වයස අවුරුදු 35ත් 40ත් අතර මිනුවන්ගොඩ සහ කඳාන ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට අනාවරණය වේ. අත්අඩංගුවට ගත් මත්පෙති වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධිකය. එම සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය[…]

Read More »