gayantha

සනත් ජයසූරියට ICCයෙන් වසර දෙකක ක්‍රිකට් තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා ඇත. එම තහනමට අනුව සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇති බව සඳහන් වෙයි. ICC[…]

Read More »

අමල් හා නදිමල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය මාසයකින් දීර්ඝ වෙයි

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා සඳහන් කරයි. ඔවුන් දෙදෙනා අනිද්දා දින යළි අධිකරණයට ඉදිරිපත් කරන අතර එහිදී තවත් මසකට ඔවුන්ගේ රක්ෂිත කාලය දීර්ඝ විය[…]

Read More »

අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීයා ඇප මත මුදාහැර ඇත. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එහිදී නියෝග කර ඇත්තේ රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්[…]

Read More »

ඇවන්ට්ගාඩ් නඩුව අප්‍රේල් 29 වනදා දක්වා කල්යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් 29 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියෝග කර ඇත. ඇවන්ට්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළැයි[…]

Read More »

පෞද්ගලික බැංකුවකින් ගත් ණය නොගෙව්වොත් බන්දුලගේ දේපල ප්‍රසිද්ධ වෙන්දේසියක

පෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්දුලගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කර ඇත. තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම්[…]

Read More »

Update – ගාලූ මුවදොර පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසේ

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ගවල දැඩි රථවාන තදබදයක් හටගෙන ඇත. මහපොළ වාරිකය රුපියල් 5,000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි. එම නිසා ගාලූ මුවදොර පාර ලෝටස්[…]

Read More »

ජනප්‍රිය ගායන ශිල්පී චලක චමුපති රිය අනතුරකින් රෝහලේ

ජනප්‍රිය ගායන ශිල්පී චලක චමුපති පෙරේරා මහතා කඩුවෙල හේවාගමදී අද (26) අළුයම සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වාර්තා වෙයි. සංදර්ශනයකට සහභාගීව ආපසු එමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන ඇලකට පෙරළීම නිසා මෙම අනතුර සිදුව ඇත.

Read More »

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඊට අදාළ ලිපිය අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංගට සහ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේට ලබාදුන් බව වාර්තා වේ. පෞද්ගලික හේතුවක් මත පදනම්ව තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ගමනාගමන මණ්ඩල සභාපති රමල් සිරිවර්ධන සඳහන් කරන අතර පසුගිය[…]

Read More »

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනිඅවි සේප්පුවට මුද්‍රා තබයි

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනිඅවි සේප්පුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍ර තබා ඇත. ඒ ඊට අදාළ මූලික පරීක්ෂණවලට අදාළවයි. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකක කාර්යාලයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස්[…]

Read More »

අතුරුදහන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල් වලට විපක්ෂනායකගෙන් පොරොන්දුවක්

රත්ගම බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. එම තරුණයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ඊයේ (25දා)විපක්ෂනායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර මෙම අතුරුදන්වීමට[…]

Read More »

මෙරටින් ඇල්ලු විශාලතම කුඩු තොගයට සම්බන්ධ සැකකරුවන්ගේ දුරකතන වාර්තා ලබා ගැනීමට පියවර

මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකතන වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් භාවිත කළ සිම්පත් හිමි සමාගම් හරහා සැකකරුවන් විසින් ලබා ගෙන ඇති දුරකථන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කළ අතර මෙම ජාවාරම සම්බන්ධයෙන්[…]

Read More »