gayantha

එ.ජා.පයේ රැළිය 17 වෙනිදා දක්වා කල්යයි

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය එළැඹෙන 13 දා පවත්වීමට නියමිතව තිබුනද එය ලබන 17දා දක්වා එය කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගොනුකළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමට නියමිත හෙයින් එම රැළිය මෙසේ කල් දමා ඇත. ඒ අනුව යුක්තියේ ජන[…]

Read More »

කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් ගජමුතු 11ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ගජමුතු 11ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර පොලිස් වසමේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසලදී මහනුවර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලිමකදි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු ගජමුතු 11ක් ළඟ තබා ගත් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.[…]

Read More »

නොරොච්චෝලේ විදුලි බලාගාර භූමිය තුළ පැල වර්ග 10,000 ක් සිටුවයි

නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාර භූමිය තුළ සහ බලාගාරයට පිවිසෙන මාර්ගය දෙපස රුක් රෝපනය කිරීමේ වැඩ සටහනක් පසුගිය 09 වැනිදා සිදු කරන ලදි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩ සටහන මීගමුව සිංහ සමාජය විසින් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී කුඹුක්‍,මී,මගුල් කරද ඇතුළු විවිධ පැල වර්ග 10,000[…]

Read More »

පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්තේදී අයෙකු කපා කොටා ඝාතනය කෙරේ

පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්ත ෆයිනස් කැලේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඝාතනය සිදු කළ වයස අවුරුදු 25ක් වන සැකකරුවන් දෙදෙනා පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර එම සැකකරුවන් දෙදෙනා මරණකරුගේ ඥාතීන් බවට පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්‍රාත්[…]

Read More »

ජනාධිපති බලතල ඉවත් කරන ලෙස බලකරමින් වතුකරයේ තරුණයන් විරෝධතාවයක

ජනාධිපතිවරයා සතු බලතල වහා ඉවත් කරන ලෙස බල කරමින් හැටන් නගරයේ වතුකරයේ තරුණයන් පිරිසක් අද(10) විරෝධතාවයක නියැලුණා. වතුකරයේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු තරුණයෝ නම් වු සංවිධානයක් මගින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවයට යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කල වතුකරයේ තරුණයන් පිරිසක්ද සහභාගි වි සිටියා. හැටන් පුංචි බෝධිය අසල අද පෙරවරු 11 ට පමණ[…]

Read More »

ශ්‍රී මහ බෝමළුවෙන් මතු වූ අරුම පුදුම ප්‍රාර්ථනා ගස

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අසම සම වෘක්ෂයක් තිබේ. ඒ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේය. ඉන්පසුව එම බෝධි පරම්පරාවෙන් එන අෂ්ට ඵල, දෙතිස් ඵල, ආදී වශයෙන් සැලකෙන බෝධීන් වහන්සේලාත් මෙරට බෞද්ධයන්ගේ ගෞරවාදරයට හිමිකම් කියති. එහෙත් බෝධි වංශය ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රයන් මගින් පැවසෙන එම බෝධි වෘක්ෂයන්ගෙන් වැඩි ප්‍රමාණයක්[…]

Read More »

රනිල් අගමැතිධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම ජනවාරි 07 කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

අග්‍රාමාත්‍ය පදවියෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කොට ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 07 වන්දා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත් සහ පූජ්‍ය දඹර[…]

Read More »

ගමේ ඉඳන් ඩොලර් ගහ හොල්ලන Online Freelancing

මගේ කතා නායකයා හද්දා පිටිසර ගමක කොල්ලෙක්. ඔහු ජනිත් වික්‍රමසිංහ. ගම නාඩිගම. මහනුවර, දන්තුරේ ප්‍රදේශයට ආසන්නව පිහිටි සුන්දර ගමක්. ජනිත් කොහොමද, කතා නායකයෙක් වෙන්නෙ? වර්තමානයේ ලංකාව ඩොලර් පිපාසයෙන් හඬා වැටෙන බව අපි කවුරුත් දන්නවා. අපේ රුපියල අවප්‍රමාණය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි අපි උපයන විදේශ විනිමය ප්‍රමාණය අඩුවීම. තවත් විදිහකින් කියනවා[…]

Read More »

තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයට එක්වෙයි

මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරග කර මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එහි ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර ඔහු හිටපු අමාත්‍යවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වෙයි.  

Read More »

අධිකරණයට අපහස කළා යැයි කරුට එරෙහිව පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කථානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත. නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර අද (10) පෙරවරුවේ ඔහු එම පෙත්සම ගොනුකර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ[…]

Read More »

බස්රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට

මාතර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ බස්රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී ඇත. අනතුර සිදු වූ අවස්ථාවේ ඔවුන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20 හා 18 ක අහංගම ප්‍රදේශයේ[…]

Read More »