gayantha

ඇවන්ට්ගාඩ් නඩුව පෙබරවාරි 21ට කල් යයි

නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව පෙබරවාරි 21 වැනිදා දක්වා කල් තබයි. එම නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේ තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීම නිසා මෙසේ[…]

Read More »

ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකළ  මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තා වේ. අද පස්වරු 4ට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ශ්‍රේෂ්ඨාධිකරණය අවට අමතර පොලිස් කණ්ඩායම්ද කැදවා[…]

Read More »

දිගටම චෝදනා කළොත් පොදුජන පෙරමුණ තමන්ට ලබාදෙන්නට හැදුදේ හෙළිකරන බව TNA කියයි

එ.ජා.පය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට ලබා දීමට එකඟත්වය පළ කළ දේවල් ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය කියයි. එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව බවයි ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය[…]

Read More »

TNA සහ රනිල් අත්සන් කළා යැයි කියන ගිවිසුම බොරුවක්

එක්සත් ජාතික පක්ෂයේ නායකරනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරමින් පළවන වාර්තාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරයි. එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පොලිස් මූලස්ථානයට[…]

Read More »

ප්‍රංශයෙන් ආ වෛද්‍ය කණ්ඩායමක් වවුනියාවේ වෛද්‍ය සායනයක් පවත්වයි

ප්‍රංශයේ සිට පැමිණි වෛද්‍ය කණ්ඩායමක් ප්‍රදේශයේ අස්ථි රෝග හා අනෙකුත් රෝග පවතින රෝගීන්ට තෙරපි ක්‍රමය මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය කදවුරක් ඊයේ (12) දිනය පුරා වවුනියාව වෛරවපුලියන්කුලම ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පවත්වනු ලැබීය. වවුනියාව විරුච්චම් හා වින්මීන් ප්‍රජා සංවිධානයන්ගේ මෙහෙයවීම මත පැමිණි වෛද්‍ය කණ්ඩායම ප්‍රදේශයේ වැඩිහිටි පිරිස් වෙත තෙරපි ක්‍රමය[…]

Read More »

ඉදිරි මැතිවරණවලදී ජන්දය දෙන්නේ මෙන්න මෙහෙමයි

ඕනෑම පුද්ගලයෙකු ඡන්දයක් ලබා දීමේ දී කලගුණ සැලකීමට වඩා ඔවුන් ගේ ප්‍රතිපත්ති හා උගත් කම බලා තම ඡන්දය ලබා දීමට හුරු වුවහොත් වඩා යහපත් රටක් නිර්මාණය කර ගත හැකි බව ගාල්ල දිසත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යු. චන්ද්‍රලාල් මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 10 දින ඉමදුව ප්‍රාදේශීය ලේකම්[…]

Read More »

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකු ඝාතනය කර පළා යයි

සපුගස්කන්ද ගල්වල හන්දියේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන දෙදෙනෙකු විසින් මාර්ගය අසල සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයා බරපතල තත්වයෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු ධනුෂ්ක සංජිව නමැති වයස අවුරුදු 35ක මාකොළ පදිංචිකරුවෙකු වන අතර ඝාතනය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read More »

නල්ලතන්නිය වාලමලෙයි රක්ෂිතයේ හට ගත් ගින්න හෙලිකොප්ටර් යානයක සහයෙන් නිවාදමයි

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්භාවික රක්ෂිතයක හට ගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයයක සහය ලබා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. එම රක්ෂියේ ඊයේ (12) පස්වරු 6 ට පමණ ගින්නක් හට ගෙන ඇති අතර එම ගින්න නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් එක් ව මැඩ පැවැත්විමට කටයුතු කල අතර , එම[…]

Read More »

එගොඩඋයන ලී මඩුවක් හදිසියේ ගිනිගනී

එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ ලී මඩුවක හදිසි ගින්නක් හටගෙන තිබේ. එගොඩඋයන පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ මොරටුව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන්[…]

Read More »

හිමිනමක් හා තවත් දෙදෙනෙකු පැහැරගත් 06දෙනෙකු අත්අඩංගුවට

නාරාහේන්පිට විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් හා තවත් දෙදෙනෙකු පැහැරගැනීම හා එහි තිබු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමාවක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාද කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වන අතර සැකකරුවන් සන්තකයේ තිබී රන් පැහැති බුද්ධ ප්‍රතිමාවක්, පුස්කොල පොත් 05ක්, වලම්පුරියක්, ඩිෆෙන්ඩර්[…]

Read More »

මිනිස් හිසක් පෑලියගොඩින් හමුවේ

පෑලියගොඩ ප්‍රදේශයේ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්තශාලා භූමියක තිබී මිනිස් ඔලුවක් හමු වී ඇත. මිනිස් හිස සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read More »